යෝබ් 34:4 - Sinhala New Revised Version 2018 යුක්තිය කොහේ දැ යි අපි සෝදිසි කර බලමු; යහපත කවරේ දැ යි අපි තීරණය කරමු. Sinhala New Revised Version යුක්තිය කොහේ දැ යි අපි සෝදිසි කර බලමු; යහපත කවරේ දැ යි අපි තීරණය කරමු. Sinhala Revised Old Version අපිම යුක්තිය සෝදිසිකර, යහපත කොයි එකද කියා අප අතරෙහි දැනගනිමු. |
ජෝබ් දුෂ්ට මිනිසෙකු මෙන් උත්තර දෙන බැවින්, ඔහු අවසාන තීන්දුවට ම ඉදිරිපත් කළොත් යෙහෙකි.
ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය.
ඒ දුටු සියල්ලෝ, “ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ දා පටන් අද දක්වා මෙබඳු දෙයක් සිදු වුණේ වත්, දකින්නට ලැබුණේ වත් නැත. මේ ගැන සිතට ගෙන, සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන්නැ”යි කීවෝ ය.
ඉශ්රායෙල් ජනයෙනි, ඔබ සියලු දෙනා මෙහි රැස් ව සිටින්නහු ය. මේ කාරණා ගැන සාකච්ඡා කර, දැන් ම මෙහි දී තීරණයක් ගන්නැ”යි කීවේ ය.