එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් එලීහුගේ කෝපාග්නිය ඇවිළිණි. ජෝබ්ට විරුද්ධ ව ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ, ජෝබ් තමා නිවැරදි බවත්, දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි.
යෝබ් 32:5 - Sinhala New Revised Version 2018 එහෙත්, ඒ තුන්දෙනා පිළිතුරක් නොදෙන බව ඔහු දුටු විට ඔහුගේ කෝපය ඇවිස්සුණේ ය. Sinhala New Revised Version එහෙත්, ඒ තුන්දෙනා පිළිතුරක් නොදෙන බව ඔහු දුටු විට ඔහුගේ කෝපය ඇවිස්සුණේ ය. Sinhala Revised Old Version මේ මනුෂ්‍යයන් තුන්දෙනාගේ මුඛයෙහි උත්තරයක් නැති බව එලීහු දුටු විට ඔහුගේ උදහස ඇවුළුණේය. |
එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් එලීහුගේ කෝපාග්නිය ඇවිළිණි. ජෝබ්ට විරුද්ධ ව ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ, ජෝබ් තමා නිවැරදි බවත්, දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි.
එකල බූසීය බාරකෙල්ගේ පුත් එලීහු පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම නම් වයසින් බාල ය; ඔබ වනාහි වයසක උදවිය ය; එබැවින් මා දන්න දේ ඔබ ඉදිරියේ පැවසීමට බිය ව මම පසෙකට වී සිටියෙමි.
ඔහු ද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සා ද සෙනඟගේ නැටුම් ද දිටී ය. ඔහුගේ කෝපාග්නිය ද එවිට වේගවත් ව ඇවිළී ගියෙන් ඔහු තම අත වූ ගල් පුවරු වීසි කොට, ඒවා කන්ද පාමුල බිඳ දැමී ය.