මා බියජනක දේ මට පැමිණ ඇත. මා තැති ගන්වන හැම දේ මා පිට වැටී ඇත.
මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.
මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.
භීතියෙන් මම මිරිකී සිටිමි. මාගේ ගරුත්වය සුළං රැල්ලක් මෙන් ද මාගේ යස ඉසුරු වලාකුළක් මෙන් ද පහ ව ගියේ ය.
සැපත පැතූ මා වෙත පැමිණියේ විපත ය; එළිය පැතූ මා වෙත පැමිණියේ අඳුර ය.
මන්ද දෙවිඳාණන්ගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය; එතුමාණන්ගේ මහානුභාවයට මුහුණ දීමට මට ශක්තියක් නො වී ය.
මම මාගේ සියලු දුක්ගැනවිලිවලට බියෙන් සිටිමි. මා නිදොස් ලෙස ඔබ ගණන් නොගන්න බව මම දනිමි.
නුඹලා කඩුවට බිය ව සිටියහු ය. මම ද නුඹලා පිට කඩුව පමුණුවන්නෙමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.