එසේ කෙළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයෙහි සියලු ම කාන්තාවන් උන් වහන්සේ වඳ බවට පත් කර තිබුණු හෙයිනි.
යෝබ් 3:10 - Sinhala New Revised Version 2018 මේ සියල්ල, මෙසේ සිදු විය යුත්තේ, මවු කුසෙන් මා බිහි වී දුක දැක්මෙන් මා නොවැළැක් වූ බැවිනි. Sinhala New Revised Version මේ සියල්ල, මෙසේ සිදු විය යුත්තේ, මවු කුසෙන් මා බිහි වී දුක දැක්මෙන් මා නොවැළැක් වූ බැවිනි. Sinhala Revised Old Version මක්නිසාද ඒක මා බිහිකළ කුසේ දොරවල් නොවැසුවේය, මාගේ ඇස්වලින් දුකද නොසැගෙවුවේය. |
එසේ කෙළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයෙහි සියලු ම කාන්තාවන් උන් වහන්සේ වඳ බවට පත් කර තිබුණු හෙයිනි.
තවද, ලෙයා සිය සැමියාට නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු විට, උන් වහන්සේ ඈට පිළිසිඳගන්නට සැලැස්සූ සේක. එහෙත්, රාකෙල් වඳ ස්ත්‍රියක් වූවා ය.
“මට ජීවිතය තිත්ත වී ඇත; මාගේ දුක් ගැනවිලි නොවළහා කියා පාමින් සොවින් පිරුණු හදවතකින් මම කතා කරමි.
ඒ දවස හිරු බැස යන කල අහසෙහි තරු නොදිළේ වා! එළිය ලැබෙන පැතුම සුන් වේ වා! අරුණලු උදා නො වේ වා!
ඔබේ සිතෙන් දුක් කරදර ඉවත ලා ජීවත්වන්න. මන්ද, යෞවන කාලයත්, වැඩි මහලු කාලයත් නිෂ්ඵල ය.
එසේ සිදු වන්නේ, එතුමාණන් මා මවු කුසේ නොමැරූ නිසා ය. මට මවු ගැබ සොහොන් ගැබ විණි නම්, එය සදහට ම උතුම් වන්නට තිබිණි.
එහෙත්, ඔහු හන්නාට දෙකොටසක් දුන්නේ ය. එසේ කෙළේ, ඔහු හන්නාට බොහෝ ප්‍රේම කළ බැවිනි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබිණි.