ආලෝකයට එරෙහි ව කැරලි ගසන මිනිස්සු ඇත. ආලෝකය ගැන ඔවුන්ට තේරුමක් නැත. ඒ මාවතෙහි ගමනක් නැත.
යෝබ් 24:14 - Sinhala New Revised Version 2018 මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි. Sinhala New Revised Version මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි. Sinhala Revised Old Version මිනීමරුවා එළිවෙන විටම නැගිට අසරණයාත් දිළින්දාත් මරන්නේය; රාත්‍රියේ ඔහු සොරෙකු මෙන් වේ. |
ආලෝකයට එරෙහි ව කැරලි ගසන මිනිස්සු ඇත. ආලෝකය ගැන ඔවුන්ට තේරුමක් නැත. ඒ මාවතෙහි ගමනක් නැත.
දිළිඳුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම ඔව්හු වළක්වති. දුව ගොස් සැඟවෙන ලෙස දිළිඳුන් හට ඔව්හු බල කරති.
සමිඳාණෝ ප්‍රජා මූලිකයන් ද නායකයන් ද විනිශ්චය කරන්න පැමිණෙන සේක. එතුමාණෝ මෙසේ පැමිණිලි කරන සේක: “නුඹලා මිදි වතු සූරා කා දුප්පතුන්ගෙන් කොල්ලකාගත් දෙයින් නුඹලාගේ ගෙවල් පුරවාගන්නහු ය.
එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා හිඳ, තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.
මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය.
එබැවින්, ඔබ අසා පිළිගත් වචනය සිහි කර, ඊට කීකරු වී, පසුතැවී සිත හරවා ගන්න. ඔබ අවදි ව නොසිටින්නහු නම්, සොරෙකු මෙන් ඔබ වෙත එන්නෙමි. මා ඔබ වෙත පැමිණෙන වේලාව ඔබ නොදන්නහු ය.