මම මාගේ සියලු දුක්ගැනවිලිවලට බියෙන් සිටිමි. මා නිදොස් ලෙස ඔබ ගණන් නොගන්න බව මම දනිමි.
යෝබ් 21:6 - Sinhala New Revised Version 2018 මේ ගැන මෙනෙහි කරන විට පවා මම අන්දුන්කුන්දුන් වෙමි. මාගේ ඇඟ ගැහෙන්නට පටන්ගනියි. Sinhala New Revised Version මේ ගැන මෙනෙහි කරන විට පවා මම අන්දුන්කුන්දුන් වෙමි. මාගේ ඇඟ ගැහෙන්නට පටන්ගනියි. Sinhala Revised Old Version සිහිවෙන විටම මම කැලඹෙමි, තැතිගැන්ම මාගේ මාංසය අල්වාගනියි. |
මම මාගේ සියලු දුක්ගැනවිලිවලට බියෙන් සිටිමි. මා නිදොස් ලෙස ඔබ ගණන් නොගන්න බව මම දනිමි.
යොවුන් වියේ පටන් පීඩිත ව කෙඳිරි ගාමින් මම මැරෙන්නට ආසන්න ව සිටියෙමි; ඔබෙන් පැමිණෙන දඬුවම්වල බරින් මම තැළී පොඩි වී සිටියෙමි.
ඔව්හු ගෝණි රෙදි ඇඳගන්නෝ ය. භීතියෙන් ඇලළී යන්නෝ ය. හිස් මුඩු කරනු ලැබූ ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය.
මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි.