ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නොදැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය.
යෝබ් 20:10 - Sinhala New Revised Version 2018 ඔහුගේ දරුවෝ දිළිඳුන්ගෙන් කරුණාව සොයන්නෝ ය. ඔහු පැහැර ගත් සම්පත් ඔහුගේ අතින් ම ආපසු දෙනු ඇත. Sinhala New Revised Version ඔහුගේ දරුවෝ දිළිඳුන්ගෙන් කරුණාව සොයන්නෝ ය. ඔහු පැහැර ගත් සම්පත් ඔහුගේ අතින් ම ආපසු දෙනු ඇත. Sinhala Revised Old Version ඔහුගේ දරුවෝ දුප්පතුන්ගේ කරුණාව සොයන්නෝය, ඔහුගේ අත් ඔහුගේ සම්පත් ආපසු දෙන්නේය. |
ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නොදැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය.
ඔහු වැර වීරියෙන් ලබාගත් දේ භුක්ති නොවිඳ ඒවා ආපසු දෙන්නේ ය. ඔහු තම වැඩ කටයුතුවලින් ලබා ගත් ප්‍රතිඵලවල රස නොවිඳින්නේ ය.
ඔවුන්ට දූ දරුවන් බොහෝ ඇතත්, ඔව්හු රණ බිම්හි මැරී වැටෙති. මුළු පරපුර සාගින්නෙන් පෙළෙති.
ඔහුගේ දරුවන්ට සුරැකියාවක් නැත; නඩුහබවල දී පිහිට වන්න කිසිවෙක් නැත. උසාවියේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නැත.
ඔහුගේ දරුවෝ ඉබාගාතේ යමින් සිඟා කත් වා! ඔවුන් වාසය කරන පැල්පත්වලින් ඔව්හු පලවා හරිනු ලබත් වා!
සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට අනුග්‍රහය ලබා දුන් හෙයින් ඔව්හු ඉල්ලූ දේ දුන්හ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මිසර වැසියන්ගේ වස්තුව කොල්ලකාගත්හ.
“යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය.
ඔහු අසුවුණොත් සත් ගුණයක් වන්දි ගෙවීමට සිදු වෙයි; සිය නිවසෙහි මුළු වත්කම ද දෙන්නට වෙයි.
සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.