පියාගේ මේ වචන ඇසූ විට ඒසව් ඉතා දැඩි සිත් වේදනාවෙන් කෑගසා, හඬා වැලපී, පියාට කතා කොට, “අනේ මගේ තාත්තේ, මට ආශීර්වාද කරන්න, මටත් ආශීර්වාද කරන්නැ”යි කියා ඉල්ලී ය.
යෝබ් 2:12 - Sinhala New Revised Version 2018 ඔවුන් දුර තියා ජෝබ් දුටු විට ඔවුන්ට ඔහු හඳුනා ගත නොහැකි විය. එහෙත්, ඔහු හඳුනාගත් කෙණෙහි ම ඔව්හු මහ හඬින් හඬන්නට වූ හ. ශෝකයෙන් තමන්ගේ සළු ඉරා ගෙන තම හිස් පිට දූවිලි දමාගත්හ. Sinhala New Revised Version ඔවුන් දුර තියා ජෝබ් දුටු විට ඔවුන්ට ඔහු හඳුනා ගත නොහැකි විය. එහෙත්, ඔහු හඳුනාගත් කෙණෙහි ම ඔව්හු මහ හඬින් හඬන්නට වූ හ. ශෝකයෙන් තමන්ගේ සළු ඉරා ගෙන තම හිස් පිට දූවිලි දමාගත්හ. Sinhala Revised Old Version ඔව්හු දුරදීම තමුන්ගේ ඇස් ඔසවා බලා, ඔහු නෑඳින, ශබ්ද නඟා අඬා, තම තමුන්ගේ සළු ඉරාගෙන, අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය. |
පියාගේ මේ වචන ඇසූ විට ඒසව් ඉතා දැඩි සිත් වේදනාවෙන් කෑගසා, හඬා වැලපී, පියාට කතා කොට, “අනේ මගේ තාත්තේ, මට ආශීර්වාද කරන්න, මටත් ආශීර්වාද කරන්නැ”යි කියා ඉල්ලී ය.
තවද, ඔහු කතා කර නිම වූ කෙණෙහි ම රාජ කුමාරයෝ අවුත් ශබ්ද නඟා ඇඬූ හ. රජ ද ඔහුගේ සියලු සේවකයෝ ද ශබ්ද නඟා ඇඬූ හ.
මේ පුවත මා ඇසූ විට, මම බලාපොරොත්තු රහිත ව මාගේ වස්ත්‍රයත්, සළුවත් ඉරාගෙන, මාගේ හිසකෙස් ද රැවුල ද උදුරාගෙන, තුෂ්ණීම්භූත ව හිඳගතිමි.
තවද, ඒ මාසයේ විසිහතර වන දා ඉශ්රායෙල් සෙනඟ නිරාහාර ව ගෝණි රෙදි හැඳ, තමන්ගේ හිස පිට පස් ලා ගෙන, උපවාසයක් සඳහා රැස් වූ හ.
මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්‍ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය:
සියොන් පුරඟනගේ මහලු අය හිඳගෙන නිශ්ශබ්ද ව සිටිති. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිටිති. ජෙරුසලමේ කන්‍යාවෝ තමන්ගේ හිස බිමට නමාගෙන හිඳිති.
නුඹ ගැන හඬා වැලපී, ශෝකයෙන් මොරගසා, තමන්ගේ හිස් පිට ධූලි තවරාගෙන අළුවල පෙරළී සිටින්නෝ ය.
ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තෝ ය.
ඔව්හු තමන්ගේ හිස් මත ධූලි දමාගෙන, හඬා වැලපෙමින්, “අහෝ! අහෝ! ඒ මහා නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇති සියල්ලෝ ඇගෙන් ධනවත් වූ හ. එක පැයකින් ඈ නැතිනාස්ති වී ගිය හැටි”යි කියා මොරගැසුවෝ ය.
එකල පණිවුඩකාරයෝ සාවුල් සිටි ගිබියාට පැමිණ ඒ කාරණය සෙනඟ ඉදිරියෙහි ප්‍රකාශ කළෝ ය. ඒ ඇසූ මුළු සෙනඟ ශබ්ද නඟා හැඬූ හ.
එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ ද ඔවුන්ට තවත් හඬන්නට ශක්තිය නැති වන තුරු ම ශබ්ද නඟා ඇඬූ හ.
බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් මිනිසෙක් යුද්ධ භූමියෙන් දුව ගොස් එම දවසේ ම ෂිලෝ නගරයට පැමිණියේ ය. ඔහු ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සිටියේ ය.