Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 27:34 - Sinhala New Revised Version 2018

34 පියාගේ මේ වචන ඇසූ විට ඒසව් ඉතා දැඩි සිත් වේදනාවෙන් කෑගසා, හඬා වැලපී, පියාට කතා කොට, “අනේ මගේ තාත්තේ, මට ආශීර්වාද කරන්න, මටත් ආශීර්වාද කරන්නැ”යි කියා ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 පියාගේ මේ වචන ඇසූ විට ඒසව් ඉතා දැඩි සිත් වේදනාවෙන් කෑගසා, හඬා වැලපී, පියාට කතා කොට, “අනේ මගේ තාත්තේ, මට ආශීර්වාද කරන්න, මටත් ආශීර්වාද කරන්නැ”යි කියා ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 තම පියාගේ බස් ඇසූ කල ඒසව් ඉතා මහත්වූ දුක්ඛිතවූ මොරගැසීමකින් කෑගසා: මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවයි තම පියාට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 27:34
8 හුවමාරු යොමු  

පසු ව ඔහු ඒ ආශීර්වාදය යළි උරුම කරගැනීමට කැමැති වුව ද, ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබූ හැටි ඔබ දන්නහු ය. ඉන්පසු ඔහු කඳුළු සලමින් එය ලබාගැනීමට අවස්ථාවක් ඉතා ඕනෑකමින් සෙවූ නමුත් එවැන්නකට ඉඩක් නොලැබිණි.


කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය; ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත.


එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ ද ඔවුන්ට තවත් හඬන්නට ශක්තිය නැති වන තුරු ම ශබ්ද නඟා ඇඬූ හ.


සමහරු මෝඩකමින් විපතට පත්වෙති; පසු ව සමිඳුන් හට දොස් තබති.


පියා ද උත්තර දෙමින්, “කූට උපායකින් නුඹේ සහෝදරයා පැමිණ නුඹේ ආශීර්වාදය උදුරාගත්තේ ය”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්