ඔහු දුක’ඳුරෙන් එළියට එන්නේ නැත. ඔහු ගිනි දලුවෙන් වියළී ගිය අතු ඇති, මල් සුළඟට ගසාගෙන ගිය ගසක් මෙන් වනු ඇත.
යෝබ් 18:5 - Sinhala New Revised Version 2018 එසේ ය, දුදනාගේ පහන නිවී යයි; ඔහුගේ පහන් දැල්ල තවත් නොබැබළෙයි. Sinhala New Revised Version එසේ ය, දුදනාගේ පහන නිවී යයි; ඔහුගේ පහන් දැල්ල තවත් නොබැබළෙයි. Sinhala Revised Old Version එසේය, දුෂ්ටයාගේ එළිය නිවීයන්නේය, ඔහුගේ ගිනිදැල්ද නොබැබළෙන්නේය. |
ඔහු දුක’ඳුරෙන් එළියට එන්නේ නැත. ඔහු ගිනි දලුවෙන් වියළී ගිය අතු ඇති, මල් සුළඟට ගසාගෙන ගිය ගසක් මෙන් වනු ඇත.
ඔබ කෝපයෙන් ඔබ ම කැබලිවලට ඉරාගන්නේ මන් ද? ඉරාගත්තත් පොළෝ තලය පාළුකරයක් නොවනු ඇත. ගිරිකුළු නොසෙල්වෙනු ඇත.
දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
කොපමණ වරක් දුදනන්ගේ පහන නිවී ගියේ ද? කොපමණ වරක් ඔවුන් පිට විපත පැමිණියේ ද? කොපමණ වරක් දෙවිඳාණෝ සිය උදහසින් ඔවුන් වෙත දුක් දොම්නස් එවූ සේක් ද?
ගින්නක් දල්වන, ගිනි අඟුරු මොළවන සියල්ලෙනි, අනුන් විනාශ කරන්න උපා යොදන ඔබ ඔබේ ම උපායවලින් විනාශ වන්නහු ය. සමිඳුන් අතින් ම එය සැලසෙනු ඇත. ඔබ භයංකර විපතකට පත්වන්නහු ය.
එහෙත්, දුෂ්ටයෝ වනාහි කැළඹී ඇති කුණු කසළ සෝදාගෙන, ගොඩට නොනැවතී ගලා එන, රළ පතර ඇති මුහුද හා සමාන වෙති.
නුඹ විනාශ වන කල, මම අහස මුවා කොට, එහි තාරකා අඳුරු කර, වලාකුළකින් ඉර වසන්නෙමි; සඳත් එහි එළිය නොදෙන්නේ ය.