“මට හුස්ම ගන්න පවා බැරි ය; මාගේ අවසානය හොඳට ම ළඟ ය. දැන් මට ඉතිරි ව ඇත්තේ සොහොන පමණ ය.
යෝබ් 17:11 - Sinhala New Revised Version 2018 මාගේ දවස් ගෙවී ගොස් ඇත; මාගේ පැතුම් බිඳී ගොස් ඇත; මාගේ අරමුණු ව්‍යර්ථ වී ඇත. Sinhala New Revised Version මාගේ දවස් ගෙවී ගොස් ඇත; මාගේ පැතුම් බිඳී ගොස් ඇත; මාගේ අරමුණු ව්‍යර්ථ වී ඇත. Sinhala Revised Old Version මාගේ දවස් පහවී, මාගේ සිතේ සම්පත වන මාගේ අදහස් කඩවී තිබේ. |
“මට හුස්ම ගන්න පවා බැරි ය; මාගේ අවසානය හොඳට ම ළඟ ය. දැන් මට ඉතිරි ව ඇත්තේ සොහොන පමණ ය.
එහෙත්, මාගේ මිතුරෝ මාගේ රැය දවාලට හරවති; ආලෝකය ළඟ යයි කියති; එහෙත්, මා අවට තවමත් අඳුර ය.
ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.
“මාගේ ජීවිතයේ මේ උපරිම කාලයේ දී ජීවිතයේ ඉතිරි කොටස ගෙවන පිණිස පාතාල ලෝකයට යන්න මට සිදුවේ ය කියා මම සිතුවෙමි.
එක් ව මන්ත්‍රණය කරන්න; එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. ඇති තරම් කතා කරන්න. එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. මන්ද, දෙවියන් වහන්සේ අප සමඟ ය.
මාගේ සහෝදරවරුනි, අන්‍ය ජාතීන් අතර මෙන් ඔබ අතරෙහිත් යම් ප්‍රතිඵලයක් අත්පත් කරගන්නා පිණිස, මම ඔබ වෙත ඊමට බොහෝ වර උත්සාහ දැරීමි. එහෙත් මේ වන තුරු එය සාර්ථක නො වූ බව ඔබට දන්වනු කැමැත්තෙමි.