ඔවුන් නියම කාලයට කලින් ඉදිරී වැටෙනු ඇත. ඔවුන්ගේ අත්තිවාරම් ද මහ ගංවතුරකින් මෙන් ගහගෙන යනු ඇත.
යෝබ් 15:32 - Sinhala New Revised Version 2018 ඔහු, අකලට වියළී යන අතු ඇති, කිසි දා අතු විහිදී නොයන තාල වර්ග ගසක් මෙන් වනු ඇත. Sinhala New Revised Version ඔහු, අකලට වියළී යන අතු ඇති, කිසි දා අතු විහිදී නොයන තාල වර්ග ගසක් මෙන් වනු ඇත. Sinhala Revised Old Version ඔහුගේ කාලයට පළමුවෙන් එය ඉෂ්ට වන්නේය, ඔහුගේ තල්අත්ත අමුව නොතිබෙන්නේය. |
ඔවුන් නියම කාලයට කලින් ඉදිරී වැටෙනු ඇත. ඔවුන්ගේ අත්තිවාරම් ද මහ ගංවතුරකින් මෙන් ගහගෙන යනු ඇත.
දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.
අධික ලෙස දුෂ්ට ව නො සිටින්න. අධික ලෙස අඥානයෙක් ද නොවන්න. අකාලයේ දී නැසී යන්නේ කුමට ද?
ගස්වල අතු වියළී කැඩී ගොස් ඇත. ස්ත්‍රීහු ඒවා දරට එකතු කරති. සෙනඟ කිසිවක් තේරුම්ගෙන නැති නිසා, ඔවුන්ගේ මැවුම්කාර දෙවිඳුන් ඔවුන්ට අනුකම්පා කරන්නේ වත්, දයාවපාන්නේ වත් නැත.
එප්‍රායිම් සෙනඟ විනාශ වී ඇත; මුල් වියළී ගිය පල නොදරන ගසක් හා සමාන ය. ඔවුන්ට දරුපල ඇතිවුණත් මම ඔවුන්ගේ ඒ ප්‍රියාදර දරුවන් විනාශ කර දමමි.”
යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය.