ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 15:2 - Sinhala New Revised Version 2018

“සිහි නුවණ ඇති කිසිවෙක් සුළඟක් වැනි පුහු ප්‍රලාප දොඩයි ද? වැදගැම්මකට නැති වචනවලින් සිය සිත් පුරවා ගනු ඇද් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“සිහි නුවණ ඇති කිසිවෙක් සුළඟක් වැනි පුහු ප්‍රලාප දොඩයි ද? වැදගැම්මකට නැති වචනවලින් සිය සිත් පුරවා ගනු ඇද් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ප්‍රඥාවතෙක් සුළඟ වැනි හිස්වූ දැනගැන්මෙන් උත්තරදෙමින්, නැගෙනහිර සුළඟින් තමාගේ ළය පුරවාගන්නේද?

පරිච්ඡේදය බලන්න



යෝබ් 15:2
11 හුවමාරු යොමු  

ඔබ දන්න දේ මමත් දනිමි. මාගේ දැනුම ඔබේ දැනුමට දෙ වැනි නොවේ.


ඊට පිළිතුරු වශයෙන් තේමානීය එලිපස් මෙසේ කී ය:


ඔහු නිෂ්ඵල වචන හා වැඩක් නැති කතාවලින් තර්ක කරනු ඇද් ද?


මා කියන්නේ, පුහු වචනය කියා ඔබ සිතන්නහු ද? එසේ නම්, පැතුම් සුන් වූ කෙනෙක් කුමන පිළිතුරු බලාපොරොත්තු වන්නේ ද?


ඔබේ ප්‍රලාප දෙඩීම දැන් වත් ඉවරයක් නැද් ද?


නැණවතා කතාවට පෙර සිතා බලයි; ඔහු පවසන දෙයින් දැනුම දියුණු වෙයි.


ඔහු මවු කුසෙන් මෙලොවට නික්ම ආ ලෙස ම කිසිත් නැති ව ලොවින් තුරන් වන්නේ ය. තමාගේ අතින් උපයාගත් කිසිවක් ඔහු ගෙනයන්නේ නැත.


එප්‍රායිම් පෙරදිග සුළඟ පස්සේ දුවමින් එයින් වාසි ගැනීමට මාන බලති. බොරුව ද අපරාධය ද ඔවුන් අතර අධික වී ඇත. ඔව්හු අසිරියාව සමඟ ගිවිසුම් ද මිසර දේශය සමඟ තෙල් ගනු දෙනු ද කරගනිති.”


ජුදාහි සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට පැමිණිල්ලක් ඇත. තවද, උන් වහන්සේ ජාකොබ් සෙනඟගේ හැසිරීමට නිසි දඬුවම දෙන සේක. ඔවුන්ගේ ක්‍රියාවලට නිසි විපාකය දෙන සේක.


ඔබ අතර පැණවත් නැණවත් යමෙක් සිටී ද? එසේ නම් ඔහු තමාගේ සදාචාරයෙන් ද ප්‍රඥාවෙන් ඇති වන විනීත ක්‍රියාවලින් ද එය ප්‍රකාශ කෙරේ වා.