මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්හි, ඔහු තම පාද යහනට ගෙන, අවසන් හුස්ම හෙළා තම සෙනඟට එක් විය.
යෝබ් 14:10 - Sinhala New Revised Version 2018 එහෙත්, මනුෂ්‍යයා මැරුණොත් මැරුණා ම යි. ඔහු මියගිය විට යන්නේ කොතැනට ද? Sinhala New Revised Version එහෙත්, මනුෂ්‍යයා මැරුණොත් මැරුණා ම යි. ඔහු මියගිය විට යන්නේ කොතැනට ද? Sinhala Revised Old Version නුමුත් මනුෂ්‍යයා මැරී දිරායන්නේය. එසේය, මනුෂ්‍යයා තුරන්ව ගියාම ඔහු කොතනද? |
මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්හි, ඔහු තම පාද යහනට ගෙන, අවසන් හුස්ම හෙළා තම සෙනඟට එක් විය.
මන්ද, අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයන් ව හා කලක් නේවාසිකයන් ව සිටිමු. පොළොවේ අපේ ආයු කාලය සෙවණැල්ලක් මෙන් ගෙවී යයි. බලාපොරොත්තුවක් ද අපට නැත්තේ ය.
එහෙත්, දුදනන්ගේ ඇස් නොපෙනී යයි; ගැළවීමේ මඟක් ඔවුන්ට නැත. ඔවුන්ට ඇති එක ම පැතුම මරණය වේ.”
එතුමන් ඔබ හොඳින් විමසා බැලුවොත් යහපත් දෙයක් සම්බ වනු ඇද් ද? මිනිසුන් රවටන්නාක් මෙන් එතුමන් රවටන්නට ඔබට හැකි වේ ද?
එසේ ම, මිනිසා මියගිය කල යළි නොනැඟිටියි; ඉර හඳ පහවන තුරු ඔහු නොපිබිදෙයි. සිය නින්දෙන් නැඟිට නොඑයි.
කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි.
කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති.
මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.
ඔබ මාගේ වරදට කමා වී, මාගේ අයුතුකම පහනොකරන්නේ මන් ද? යුහුව මා දූවිල්ලට හැරෙනු ඇත. ඔබ මා සෙව්වත් මා දක්නට නැත.”
සියල්ලෝ ම එක තැනකට යන්නෝ ය; සියල්ලෝ ම පස්වලින් වූ හ; සියල්ලෝ ම නැවත පස්වලට හැරී යන්නෝ ය.
මනුෂ්‍යයන්ගේ පණ ඉහළට නැඟී යනු ඇද්ද කියාත්, තිරිසනාගේ පණ පොළොවේ පස යටට බසිනු ඇද්ද කියාත් දන්නේ කවරෙක් ද?
ඈ එකෙණෙහි ම පේදුරුගේ පාමුල මැරී වැටුණා ය. තරුණයෝ ඇතුළු වී, ඇය මැරී සිටිනු දැක, පිටතට ගෙන ගොස් පුරුෂයා ළඟ වැළැලූ හ.