යෝබ් 13:8 - Sinhala New Revised Version 2018 ඔබ දෙවිඳුන්ට පක්ෂ ව වාද ඉදිරිපත් කරන්නහු ද? උසාවියෙහි එතුමන්ගේ නඩුව තර්ක කරන්නහු ද? Sinhala New Revised Version ඔබ දෙවිඳුන්ට පක්ෂ ව වාද ඉදිරිපත් කරන්නහු ද? උසාවියෙහි එතුමන්ගේ නඩුව තර්ක කරන්නහු ද? Sinhala Revised Old Version නුඹලා උන්වහන්සේගේ තරම බලනවාද? දෙවියන්වහන්සේ වෙනුවට වගකියනවාද? |
අධිපතීන්ගේ තරාතිරම් නොබලන, දිළිඳාට වඩා ධනවතාට කරුණාව නොදක්වන දෙවිඳුන් පිට ඔබ වරද තබන්නෙහි ද? ඒ හැම දෙන ම මැවූයේ දෙවි තුමාණෝ ය.
“නඩු තීන්දුවක් දෙන විට සාධාරණ ව සිටිය යුතු ය. දිළින්දාගේ පහත් තත්ත්වය වත්, බලවතාගේ උසස් තත්ත්වය වත් නොසලකා, සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතු ය.
නුඹලා මාගේ ඉගැන්වීම් නොපිළිපැද, මාගේ කැමැත්ත ගැන උගන්වන විට සියලු දෙනා එක සේ නොසලකන බැවින් මම ද ඉශ්රායෙල් සෙනඟ විසින් නුඹලා හෙළාදකිනු ලබන්න සලස්වන්නෙමි.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.