ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 13:25 - Sinhala New Revised Version 2018

සුළඟේ ගසාගෙන යන පරඬලාපතකට ඔබ හිරිහැර කරන සේක් ද? වියළි පිදුරු ගසක් පසුපස එළවාගෙන යන සේක් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සුළඟේ ගසාගෙන යන පරඬලාපතකට ඔබ හිරිහැර කරන සේක් ද? වියළි පිදුරු ගසක් පසුපස එළවාගෙන යන සේක් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

හුළඟට ගසාගන යන කොළයකට ඔබ හිරිහැරකරනසේක්ද? වියළි ඉපනැල්ල පස්සෙන් එළවාගන යනසේක්ද?

පරිච්ඡේදය බලන්න



යෝබ් 13:25
7 හුවමාරු යොමු  

එවැන්නෙකු දෙස ඔබ නෙත් යොමා බලන සේක් ද? උසාවියෙහි ඔබ වෙත ඔහු කැඳවන සේක් ද?


දෙවිඳුන් මෙන් ඔබත් මා ලුහුබැඳ එන්නේ මන් ද? මාගේ කයට සිදු වී ඇති විපත ගැන ඔබ සෑහීමට පත් වී නැද් ද?


කොපමණ වරක් සුළඟේ ගසාගෙන යන පිදුරු හා බොල් මෙන් ඔව්හු පහ ව ගියෝ ද?


වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක. එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.


“තවද, සතුරන්ගේ රටවල තවමත් පණපිටින් සිටින අය වෙත මම දරුණු බියක් එවන්නෙමි. ඔවුන් ගසක කොළයක් සෙලවෙන විට පවා පලා යනු ඇත. බියට මෙන් ඔව්හු පලා යන්නෝ ය. කිසිවෙකු ඔවුන් ලුහුබැඳ නොයද්දී පවා ඔව්හු පලා ගොස් වැටෙන්නෝ ය.


ඔහු යුක්තිය ජයට පමුණුවන තුරු තැළුණු බට දණ්ඩක් බිඳින්නේ නැත; දුම් නඟින පහන් තිරයක් නිවන්නේ නැත.


ඉශ්රායෙල්වරුන්ගේ රජතුමා කවරෙකු ලුහුබැඳ එන්නේ ද? මළ බල්ලෙකු පස්සේ ද? බලුමැක්කෙකු පස්සේ ද?