Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 13:26 - Sinhala New Revised Version 2018

26 ඔබ මට විරුද්ධ ව දරුණු චෝදනා ගෙනෙන සේක: මා තරුණ වියේ දී කළ අයුතුකම් පවා ඔබ දැන් මා පිට පවරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඔබ මට විරුද්ධ ව දරුණු චෝදනා ගෙනෙන සේක: මා තරුණ වියේ දී කළ අයුතුකම් පවා ඔබ දැන් මා පිට පවරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 මක්නිසාද ඔබ මට විරුද්ධව කර්කශ කාරණා ලියනසේක, මාගේ යෞවන කාලයේ අයුතුකම්ද මාගේ ගණනට තබනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 13:26
11 හුවමාරු යොමු  

එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.


යොවුන් වියේ ශක්තියෙන් පිරුණු ඔහුගේ සිරුර, දැන් ඔහු සමඟ දූවිල්ලට හැරෙනු ඇත.


“එතුමා දුකින් සිටින අයට එළිය දෙන්නේ මන් ද? සොවින් පෙළෙන අයට දිවි දෙන්නේ මන් ද?


එතුමාණෝ මට හුස්ම ගන්නට වත් ඉඩ නොදී සිත් තැවුළින් මා පුරවන සේක.


සමිඳුනි, මාගේ යොවුන් වියේ පාප ද අපරාධ ද සිහි නොකළ මැනව. සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව.


අපි ඔබ වෙතින් හැරී ගියෙමු, එහෙත්, අපි පසුතැවිලි වූයෙමු. ඒ වරද තේරුම්ගත් පසු අපි දුක ප්‍රකාශ කෙළෙමු. තරුණ කාලයේ දී අප පව් කළ බැවින් ලජ්ජාවටත්, නින්දාවටත් අපි පත් වූයෙමු.’


ඉන්පසු, ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී ඔහු මුණගැසී, “බලන්න, ඔබ සුවපත් වී ඇත. මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නැ”යි වදාළ සේක.


එහි තිස් අට අවුරුද්දක් රෝගී ව සිටි එක් මිනිසෙක් විය.


ඈ උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට වාසනාවන්තී යන අර්ථය ඇති නයෝමි යයි තවත් නොකියන්න; කාලකණ්ණි යන අර්ථය ඇති මාරා යයි කියන්න. මන්ද, සර්ව පරාක්‍රමයාණන් මට තදබල ලෙස දඬුවම් කර ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්