මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
යෝබ් 13:23 - Sinhala New Revised Version 2018 අපරාධ හා පව් කීයක් ගැන මම වරදකරු වෙම් ද? මාගේ වරද හා පාපය මට දැන්නුව මැනව. Sinhala New Revised Version අපරාධ හා පව් කීයක් ගැන මම වරදකරු වෙම් ද? මාගේ වරද හා පාපය මට දැන්නුව මැනව. Sinhala Revised Old Version මාගේ අපරාධ සහ පව් කොපමණද? මාගේ වරදත් මාගේ පාපයත් මට දැන්නුව මැනව. |
මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
ඔබ මා දුදනෙකු නොවන බව දැන දැනත්, ඔබ අතින් මා මුදාගැනීමට අන් කිසිවකු නැති බව ඔබට පෙනි පෙනිත්, මාගේ අපරාධ ගැන සොයා බලන්නේ මන් ද? මාගේ පව් විමසන්නේ මන් ද?
ඔබ මාගේ වරදට කමා වී, මාගේ අයුතුකම පහනොකරන්නේ මන් ද? යුහුව මා දූවිල්ලට හැරෙනු ඇත. ඔබ මා සෙව්වත් මා දක්නට නැත.”
දෙවිඳුනි, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකර, මාගේ සිතිවිලි දැනගත මැනව.