යෝබ් 13:22 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඔබ මට විරුද්ධ ව චෝදනා කළොත් මම උත්තර දෙමි. නැතහොත් මම සිතාසිය නිකුත් කරමි; ඔබ විත්තිය කියන්න. Sinhala New Revised Version ඉන්පසු ඔබ මට විරුද්ධ ව චෝදනා කළොත් මම උත්තර දෙමි. නැතහොත් මම සිතාසිය නිකුත් කරමි; ඔබ විත්තිය කියන්න. Sinhala Revised Old Version එවිට ඔබ අඬගැසුවාම උත්තරදෙන්නෙමි; නොහොත් මට කථාකරන්ට ඉඩදී උත්තරදුන මැනව. |
අහෝ! මට සවන් දෙන කෙනෙක් නැද් ද? මා කියන හැම වචනයක් ම සත්‍ය බවට මෙන්න, මාගේ අත්සන තබමි. සව් බලැති දෙවිඳාණෝ මට උත්තර දෙන සේක් වා! මාගේ එදිරිකරු මට විරුද්ධ ව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!
මා එතුමන් ඇමතූ විට එතුමන්ගෙන් පිළිතුරක් ලැබුණේ ය. එතුමාණෝ මට සවන් දෙන සේකැ යි විශ්වාස කළ හැකි ද?
එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත. එතුමාණෝ මා වැනි මිනිසෙක් නොවන සේක.