යෝබ් 12:24 - Sinhala New Revised Version 2018 එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක; හසරක් නැති වැලි කතරෙහි ඔවුන් මුළා කරන සේක; Sinhala New Revised Version එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක; හසරක් නැති වැලි කතරෙහි ඔවුන් මුළා කරන සේක; Sinhala Revised Old Version උන්වහන්සේ පොළොවේ ජන ප්‍රධානීන්ගේ බුද්ධිය පහකොට, ඔවුන් පාරක් නැති කාන්තාරයක මුළාවයන්ට සලස්වනසේක. |
තේරුම් නොගන්න පිණිස චින්තන බුද්ධිය ඔබ අඳුරු කර ඇත. මා පරදා ජය ගැන්මට ඔබ ඔවුන්ට ඉඩ නුදුන මැනව.
ඔවුන්ගේ මුවින් පිට වන පාපී බස් හා තොල්වලින් පවසන පුරසාරම් නිසා ඔව්හු වරදට අසු වෙත් වා! උඩඟුවෙන් වැනසෙත් වා!
මිසරය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: සමිඳාණෝ ශීඝ්‍ර වලාකුළක් පිට නැඟී මිසර දේශයට වඩින සේක. මිසරයේ දේවතා රූප එතුමන් ඉදිරියෙහි චංචල වන්නේ ය. එහි සෙනඟ අධෛර්යයට පත් වන්නෝ ය.
එප්‍රායිම් නුනුවණ, බොළඳ පරවියෙකු හා සමාන ය. එහි වැසියෝ මිසරයෙන් පිහිට ඉල්ලති. ඉන්පසු අසිරියාවට දුවති.