යෝබ් 10:6 - Sinhala New Revised Version 2018 ඔබ මා දුදනෙකු නොවන බව දැන දැනත්, ඔබ අතින් මා මුදාගැනීමට අන් කිසිවකු නැති බව ඔබට පෙනි පෙනිත්, මාගේ අපරාධ ගැන සොයා බලන්නේ මන් ද? මාගේ පව් විමසන්නේ මන් ද? Sinhala New Revised Version ඔබ මා දුදනෙකු නොවන බව දැන දැනත්, ඔබ අතින් මා මුදාගැනීමට අන් කිසිවකු නැති බව ඔබට පෙනි පෙනිත්, මාගේ අපරාධ ගැන සොයා බලන්නේ මන් ද? මාගේ පව් විමසන්නේ මන් ද? Sinhala Revised Old Version මක්නිසාද මා දුෂ්ටයෙක් නොවන බවද ඔබගේ අතින් මුදන්ට පුළුවන් කිසිකෙනෙක් නැති බවද ඔබ දන්න නුමුත්, |
මාගේ පැමිණිල්ල මනුෂ්‍යයාට විරුද්ධ ව යයි ඔබ සිතන්නහු ද? මාගේ අසහනයට වෙන හේතුවක් තිබෙන්නට බැරි ද?
මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද? ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද? ඔබ හට මා එතරම් බරක් වී ද?
නපුරන්ගේ හා දුදනන්ගේ බලය සිඳ බිඳලන්න; ඔවුන්ගේ කිසි නපුරක් යළි ඇති නොවන පිණිස සොයා බැලුව මැනව.
“ඒ කාලයේ දී මම පහනක් දල්වා ජෙරුසලම සෝදිසිකර, ‘සමිඳාණන් වහන්සේ යහපතක් වත්, නපුරක් වත් කරන එකක් නැතැ’යි කියමින් උදාසීන ව සැපපහසුකමින් කල් යවන සියලු දෙනාට දඬුවම් කරමි.
එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.
එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත.