මාගේ ජීවිතය ලුහුඬු ය, මා සිතූ හැටියට නිදහසේ සිටින්නට මට ඉඩ දී අල්ප මාත්‍ර ප්‍රීතියක් මට දුන මැනව.
මාගේ දවස් ස්වල්ප නොවේද? එබැවින් නැවතුණ මැනව; හැරී නේන ස්ථානයට,
උපත වෙනුවට මවු ගැබෙන් කෙළින් ම සොහොන් ගැබට ගියා නම්, එය මට යෙහෙකැ’යි සිතමි.
ඔබේ හස්තය මා කෙරෙන් ඉවතට ගත මැනව. ඔබේ භයංකරකමින් මා යටත් නොකළ මැනව.
“මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත.
අද ඊයේ උදවිය වන අපි කුමක් දනිමු ද? මිහි මත අප දිවිය පහ ව යන සෙවණැල්ලක් මෙන් ය.
එතුමාණෝ මට හුස්ම ගන්නට වත් ඉඩ නොදී සිත් තැවුළින් මා පුරවන සේක.
මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.
අනේ, ඔබ මාගේ වයස කෙටි කර තිබෙන හැටි! ඔබ අබිමුව මාගේ ජීවිතයෙන් වැඩක් ඇද් ද? දිවි ඇති හැම දෙන සුළං රොදක් වැනි ය.