යෝබ් 1:15 - Sinhala New Revised Version 2018 ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය. Sinhala New Revised Version ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය. Sinhala Revised Old Version ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. |
කුෂ්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.
ජොක්ෂාන්ට දාව ෂෙබා සහ දෙදාන් ඉපදුණෝ ය. දෙදාන්ගේ පුත්‍රයෝ නම් අෂුරිම්, ලෙටුෂිම් සහ ලෙයුම්මි ය.
පණිවුඩකාරයෙක් ජෝබ් වෙත වහා දිව අවුත්, “ගවමහිෂයන් සී සාමින් ද කොටළු දෙනුන් තණ කමින් ද සිටියදී
කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;
සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.
එවිට නිදැල්ලේ සිටින සමූහයන්ගේ ප්‍රීති ප්‍රමෝද හඬ ඇසිණි. සාමාන්‍ය ජනයා හැරුණ විට පාළුකරයෙන් ගෙනෙන ලද නිදැල්ලේ වෙසෙන අය ද සිටියෝ ය. ඔව්හු කාන්තාවන්ගේ අත්වල වළලු දමා, ඔවුන්ගේ හිස් පිට අලංකාර ඔටුනු තැබූ හ.
නුඹලාගේ දූ දරුවන් මම ජුදා වැසියන් අතට විකුණන්නෙමි. ජුදා වැසියන් ඔවුන් දුරබැහැර සේබියන්වරුන්ට විකුණනු ඇත. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.