යෝනා 2:1 - Sinhala New Revised Version 2018 ජෝනා මත්ස්‍යයාගේ කුසයේ සිට තම දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය. Sinhala New Revised Version ජෝනා මත්ස්‍යයාගේ කුසයේ සිට තම දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය. Sinhala Revised Old Version එකල යෝනා මත්ස්‍යයාගේ බඩේ සිට තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් මෙසේ කීවේය:– |
එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි.
ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.
“මාගේ සෙනඟ තමන්ගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම ඔවුන් අත්හැර මාගේ වාසභවනයට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා එනු ඇත.”
ඔබ අතරෙන් යමෙක් දුක් විඳින්නේ නම් ඔහු යාච්ඤා කෙරේ වා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේ නම් ඔහු තුති ගී ගයා වා.