ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 7:30 - Sinhala New Revised Version 2018

ජුදාවේ සෙනඟ මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර ඇත. ඔවුන් මාගේ නාමය දරන මාලිගාවේ මා පිළිකුල් කරන ඔවුන්ගේ දේව රූප තබා එය දූෂ්‍ය කර ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජුදාවේ සෙනඟ මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර ඇත. ඔවුන් මාගේ නාමය දරන මාලිගාවේ මා පිළිකුල් කරන ඔවුන්ගේ දේව රූප තබා එය දූෂ්‍ය කර ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද යූදාහි දරුවෝ මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔවුන් තමුන්ගේ පිළිකුල් දේවල් එහි තබා තිබේ.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 7:30
20 හුවමාරු යොමු  

තමාගේ පිය වූ හෙසකියා නැති කළ ගිරිකුළු දේවාල ඔහු නැවත ගොඩනඟා, බාල් දෙවියාට පූජාසන තනා, ඉශ්රායෙල්හි රජ වූ ආහාබ් සෑදූ පරිදි අෂේරා කප් කණු ද සෑදුවේ ය. ඔහු ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින් ඒවාට සේවය කෙළේ ය.


තවද, ‘මාගේ නාමය ජෙරුසලමෙහි තබන්නෙමි’යි සමිඳාණන් වහන්සේ යම් මාලිගාවක් ගැන වදාළ සේක් ද ඒ මාලිගාවෙහි ඔහු පූජාසන ගොඩනැඟුවේ ය.


තමා සෑදූ අෂේරා කප් කණු හා රූප ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තැබී ය. ඒ මාලිගාව ගැන සමිඳාණන් වහන්සේ දාවිත්ටත්, ඔහුගේ පුත් සලමොන්ටත් කතා කොට, “මේ මාලිගාවෙහි ද මා විසින් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගනු ලැබූ ජෙරුසලමේ ද මාගේ නාමය සදහට ම තබන්නෙමි.


ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබූ ජුදාහි රජවරුන් සෑදූ පූජාසන ද සමිඳාණන් වහන්සේගේ මිදුල් දෙකෙහි මනස්සේ විසින් සාදන ලද පූජාසනය ද කඩා, එතැනින් හෙළාදමා ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසි කෙළේ ය.


ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් අන් දෙවිවරුන් ද පිළිම ද උන් වහන්සේගේ මාලිගාව පිහිටි කන්දෙහිත්, ජෙරුසලමෙහිත් ගොඩනඟා තිබුණු සියලු පූජාසන ද පහකොට ඒවා නගරයෙන් පිටත දැමුවේ ය.


තම පිය වූ හෙසකියා කඩාදැමූ ගිරිකුළු දේවාල ඔහු නැවත ගොඩනඟා, බාල් දේවතාවන්ට පූජාසන ඉදි කොට අෂේරා කප් කණු සෑදුවේ ය. ඔහු අහසේ ග්‍රහතාරකාවන් සියල්ලට නමස්කාර කරමින් ඒවාට සේවය කෙළේ ය.


ඔහු සෑදූ දේවතා රූපය ද දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි තැබී ය. ඒ මාලිගාව ගැන දෙවියන් වහන්සේ දාවිත්ටත්, ඔහුගේ පුත් සලමොන්ටත් කතා කොට, “මේ මාලිගාවෙහිත්, මා විසින් සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙන් තෝරාගනු ලැබූ ජෙරුසලමෙහිත් මාගේ නාමය සදහට ම පවතින්නට සලසන්නෙමි.


එබැවින් මම ඔවුන්ට නිසි විපත්ති නියම කොට, ඔවුන් බිය වන දේ ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. මා කතා කළ විට කිසිවෙකු සවන් දුන්නේ නැත. ඔව්හු මා ඇස් හමුයෙහි නපුරු දේ කර, මට අප්‍රසන්න දේ තෝරාගත්හ.”


මළකඳන් වැනි අශික්ෂිත පිළිමවලින් ඔවුන් මාගේ දේශය දූෂණය කර, දේශය පිළිකුල් කටයුතු දෙවිවරුන්ගෙන් පුරවා ඇති නිසා මම ඔවුන්ගේ අයුතුකමටත්, පාපයටත් දෙගුණයක් ප්‍රතිවිපාක ගෙන දෙන්නෙමි.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දිවැසිවරයා හා පූජකයා දූෂ්‍ය වී සිටිති. මාගේ මැදුරෙහි ඔවුන්ගේ නපුරුකම මට දක්නට ලැබී ඇත.


මාගේ නාමයෙන් හැඳින්වෙන මාලිගාව කෙලෙසන පිණිස ඔව්හු පිළිකුල් ලෙස හැසුරුණෝ ය.


ඔව්හු තමන්ගේ දූ පුතුන් මොලෙක් දෙවියා ඉදිරියෙහි දවා කැප කරන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනැඟුවෝ ය. ඔවුන් ඒ දේ කෙළේ, මාගේ අණට විරුද්ධ ව ය. එබඳු පිළිකුල් මඟින් ඔවුන් පාපයට පෙළඹවීමට මට අදහසක් පහළ වුණේ වත් මා ඔවුන්ට අණ කළේ වත් නැත.


ඔව්හු තමන්ගේ අලංකාර ආභරණ අහංකාර වීමට කරුණක් කරගත්හ. එයින් පිළිකුල් රූප වන අශික්ෂිත දේ සාදාගත්හ. එබැවින් මම ඔවුන්ගේ වස්තුව ඔවුන්ට ම පිළිකුලක් කෙළෙමි.


එතුමා අතක් වැන්නක් දිගු කොට මාගේ හිසේ කෙස් රො‍දකින් මා අල්ලාගත්තේ ය. දේවාත්මානුභාවය ද දෙවියන් වහන්සේගෙන් වූ දර්ශනය මඟින් පොළොවටත්, අහසටත් අතරේ මා උසුලාගෙන ගොස්, ජෙරුසලමේ උතුරු දෙස තිබෙන, දේව උදහස උපදවන ද්වේෂ සහගත රූපයක් ඇති ඇතුළු දොරටුවට මා පැමිණෙවුවේ ය.