නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝප කරන හැටියට අන් දෙවිවරුන් ද වාත්තු පිළිම ද සාදාගෙන මට පිටුපෑවෙහි ය.
යෙරෙමියා 7:18 - Sinhala New Revised Version 2018 මා කෝප කරවන ලෙස අහස් දේවියට රස කැවිලි සෑදීමටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා පුද කිරීමටත්, දරුවෝ දර එකතු කරති; පියවරු ගිනි මොළවති; ස්ත්‍රීහු පිටි අනති. Sinhala New Revised Version මා කෝප කරවන ලෙස අහස් දේවියට රස කැවිලි සෑදීමටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා පුද කිරීමටත්, දරුවෝ දර එකතු කරති; පියවරු ගිනි මොළවති; ස්ත්‍රීහු පිටි අනති. Sinhala Revised Old Version මා කෝපකරවන ලෙස අහස්දේවීහට කැවුම් සෑදීමටත් අන් දෙවිවරුන්ට පානපූජා වැගිරවීමටත් දරුවෝ දර එක්කරති, පියවරු ගිනිමොළවති, ස්ත්‍රීහුද පිටි අනති. |
නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝප කරන හැටියට අන් දෙවිවරුන් ද වාත්තු පිළිම ද සාදාගෙන මට පිටුපෑවෙහි ය.
එය මෙසේ ය: “කිසි වටිනාකමක් නැති නුඹ උසස් කර, මම මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත් කෙළෙමි. එහෙත්, නුඹ ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, තමන්ගේ පාපවලින් මා කෝප කරවන හැටියට මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්වූයෙහි ය.
අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේ ය. පානීය ලේ පූජා මම ඔවුන්ට නොපුදන්නෙමි; ඔවුන්ගේ නාම මා මුවින් නොපවසන්නෙමි.
සැබැවින් ම ජෙරුසලම නැති නාස්ති වී ඇත. ජුදා වැටී ඇත. කුමක් නිසා ද ඔවුන් කරන කියන හැම දේ සමිඳුන්ට විරුද්ධ වේ. ඔව්හු දෙවිඳුන්ගේ මහිමය හෙළා දකිති.
නමස්කාර කරන පිණිස නුඹලා මිටියාවතේ ගල් ගෙන ඒවාට පාන පූජා වගුරුවා, ආහාර පූජා කරන්නහු ය. නුඹලා මේ දේවල් කරද්දී මම සතුටු වන්නෙම් ද?
එහෙත්, සමිඳාණන් වන මා අත්හැර, මාගේ ශුද්ධ කන්ද අමතක කර, වාසනාවේ දේවතාවී වන ගාද්ට මේසයක් පිළියෙළ කර, දෛවයේ දේවතාවී වන මේනීට බඳුන් පුරවා, මිදියුස ඔප්පු කරන නුඹලා,
ඒ සෙනඟ මා ඉදිරියෙහි දී නිතරම මා කෝප කරති; උයන්වල පූජා ඔප්පු කරති; ගඩොල් පිට සුවඳ දුම් ඔප්පු කරති. රහස් ස්ථානවල රාත්‍රිය ගත කරති;
ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර, සිය අත්වලින් සාදාගත් දේව රූපවලට නමස්කාර කළ බැවින්, ඔවුන්ගේ සියලු පාපවලට විරුද්ධ ව මාගේ විනිශ්චයයන් ප්‍රකාශ කරන්නෙමි.
ඉශ්රායෙල් හා ජුදාව ඉදි කෙළේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. එහෙත්, මා දැන් ඔවුන්ට විපත්තිය නියම කර ඇත. ඔවුන් බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් වැරදි දේ කර තිබෙන නිසා, ඔවුන් මා කෝප කරවා ඇත.”
යම් යම් ගෙවල්වල පියසි උඩ ග්‍රහ තාරකාවන්ට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරන්නටත් යෙදුණේ ද, අපවිත්‍ර වූ ඒ සියලු ගෙවල් එනම්, ජෙරුසලමේ ගෙවල් ද ජුදාහි රජවරුන්ගේ ගෙවල් ද තෝපෙත් මෙන් අපිරිසිදු වන්නේ ය.”
‘එහෙත්, නුඹලා මට සවන් නොදී, ඒ වෙනුවට නුඹලාගේ අත්වලින් තනාගත් රූප කරණකොටගෙන මා කෝප කරවා, නුඹලා ම තමන් පිට මේ දඬුවම පමුණුවා ගත්තහු ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
මේ නගරයට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරු අවුත් එය ගිනි ලන්නෝ ය. ඒ සමඟ ම මා කෝප කරන පිණිස යම් ගෙවල පියසි උඩ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරුවන්නටත් යෙදුණේ ද, ඒ ගෙවලුත් දවා දමන්නෝ ය.
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “ ‘අහස් රැජින නම් දේවතාවියට අප බාර හාර වූ ප්‍රකාර සුවඳ දුම් ඔප්පු කොට ඈට පානීය පූජා අපි පුද කරමු’යි කියමින් නුඹලා ද නුඹලාගේ භාර්යාවෝ ද පොරොන්දු වූ ලෙස ඒවා ඉෂ්ට කළහ. හොඳයි, ඒවා ස්ථිර කර ඉෂ්ට කරන්න.
මම ද, අහෝ, මා ද්වේෂ කරන ඔය පිළිකුල් දෙය නොකරන්නැ යි කියන්නට දිවැසිවරුන් වන මාගේ සියලු සේවකයන් වැළ නොකැඩී නුඹලා වෙත එවුවෙමි.
වහලුන් මෙන් ධාන්‍ය ඇඹරීමට අපේ තරුණයෝ බල කරනු ලැබූ හ. ළමයි දරමිටිවල බරින් යට වී වැටි වැටී යති.
තවද කම් සැපට සුපුරුදු, ශරීරයෙන් තර ව සිටින නුඹේ අසල්වාසීන් වන මිසර වැසියන් සමඟ නුඹ වේශ්‍යාකම් කොට මා කෝප කරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය.
ඔවුන්ට දෙන ලෙස මා අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා ඔවුන් පැමිණෙවූ කල, ඔවුන් දුටු සියලු උස් හෙල් ද අතු පතර ඇති සියලු ගස් ද ඉදිරියෙහි ඔව්හු තමන්ගේ පූජා ඔප්පු කළහ; එසේ පඬුරු පිදීමෙන් ඔව්හු මා උදහසට පත් කළහ. එහි ඔව්හු තමන්ගේ සුගන්ධ ද්‍රව්‍ය පතුරුවා එහි ම තමන්ගේ පාන පූජා වැගිරෙවුවෝ ය.
උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවට මා ගෙනා සේක. බලන්න, එහි මනුෂ්‍යයන් විසිපස්දෙනෙක් පමණ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිටුපා, නැගෙනහිරට තමන්ගේ මුහුණ හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාර කළෝ ය.
එවිට උන් වහන්සේ කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? ජුදා සෙනඟ දේශය පුරා සැහැසිකම් කරමින් ඔවුන් මෙහි කරන නීච පිළිකුල් ක්‍රියා සුළු දෙයකැ යි ඔව්හු සිතත් ද? ඔව්හු මාගේ කෝපය සංසිඳුවන්න උත්සාහ කරන නමුත්, මා වඩ වඩා ප්‍රකෝප කරති.
අන් දෙවිදේවතාවන්ට වැඳ පුදා, නුරුස්සන ලෙස උන් වහන්සේ පෙළඹවූහ. පිළිකුල් ක්‍රියා කොට, එතුමන් උදහස් කළහ.
බොරු දෙවිවරුන් නිසා ඔව්හු මා කුපිත කළහ. එවැනි නිසරු දෙයින් මා උදහස් කළහ. එබැවින් වැදගැම්මක් නැති ජාතියක් ලවා මම ඔවුන් කුපිත කරවමි. අනුවණ සෙනඟක් ලවා මම ඔවුන් උදහස් කරවමි.
ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර, හඳ, තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහා ය.