ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 6:21 - Sinhala New Revised Version 2018

එබැවින් නුඹලාගේ ස්වාමීන් වන මම, මේ සෙනඟ පැකිළී වැටෙන්නට සලස්වන බාධා පමුණුවන්නෙමි. පියවරුන් ද පුත්‍රයන් ද අසල්වැසියන් හා ඔවුන්ගේ මිතුරන් ද විනාශ වී යනු ඇත.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එබැවින් නුඹලාගේ ස්වාමීන් වන මම, මේ සෙනඟ පැකිළී වැටෙන්නට සලස්වන බාධා පමුණුවන්නෙමි. පියවරුන් ද පුත්‍රයන් ද අසල්වැසියන් හා ඔවුන්ගේ මිතුරන් ද විනාශ වී යනු ඇත.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මේ සෙනඟ ඉදිරියෙහි පැකිලවන දේවල් තබමි. පියවරු සහ පුත්‍රයෝද අසල්වාසියා සහ ඔහුගේ මිත්‍රයාද එක්ව ඒවායේ පැකිල විනාශවන්නෝය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 6:21
23 හුවමාරු යොමු  

ඒ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කල්දිවරුන්ගේ රජ එවූ සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ දී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරී ය. ඔහු යෞවනයාට වත්, කන්‍යාවට වත්, මහල්ලාට වත්, රෝගියාට වත් අනුකම්පා නොකෙළේ ය. උන් වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවා දුන් සේක.


මම ශුද්ධස්ථානයකට ද මිනිසුන්ගේ පැකිළීමට හේතු වන ගලකට ද සමාන වෙමි; ජුදා හා ඉශ්රායෙල් රාජ්‍යවල සෙනඟ ද ජෙරුසලමේ වැසියන් ද අසු කරගන්න මලපතක් හා සමාන වෙමි.


බොහෝ දෙනෙක් පැකිළී වැටෙති. ඔව්හු වැටී පොඩි වී යති. ඔවුන් මලපතට අසු වනු ඇත.”


ඉන්පසු මම ඔවුන්ගේ පියවරුන් ද පුත්‍රයන් ද සියලු සෙනඟ ද එකිනෙකා ඝට්ටනය කොට විනාශ කරන්නෙමි. ඔවුන් විනාශ නොවන හැටියට මා ඔවුන්ට දයා වන්නේ වත්, කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත.”


ඔබ හැමගේ දෙවි සමිඳුන් අන්ධකාරය පමුණුවන්න පෙර, ඔබ හැමගේ පාද අඳුරු කඳුවල පැකිළෙන්න පෙර, ඔබ බලා සිටින ආලෝකය එතුමාණන් ඝනාන්ධකාරය කරන්න පෙර, එතුමාණන්ට ගෞරව කරන්න.


එහෙත්, දැන් ඔවුන්ගේ දරුවන් හාමතේ මැරෙන්නට හැරිය මැනව. යුද්ධයෙන් මැරෙන්නට සැලසුව මැනව; ඔවුන්ගේ භාර්යාවන්ගේ දරුවෝ ද පුරුෂයෝ ද නැති වෙත් වා! ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත් වා! ඔවුන්ගේ තරුණයෝ යුද්ධයේ දී කඩුවෙන් මැරුම්කත් වා!


එහෙත්, සමිඳුනි, මා මරන පිණිස මට විරුද්ධ ව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබ ම දන්න සේක. ඔවුන්ගේ දුෂ්ටකම් කමා නොකළ මැනව. ඔවුන්ගේ පාපය ද ඔබේ දර්ශනයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිළ වැටෙත් වා! ඔබේ උදහසේ කාලයේ දී ඔවුන්ට ප්‍රතිවිපාක දුන මැනව.”


ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ සේවකයෝ ද මහා වසංගතයකින් මරනු ලබති. මහා වසංගතයෙන් ද කඩුවෙන් ද සාගතයෙන් ද ගැළවෙන සෙනඟත්, නගරයේ ඉතිරි වන සෙනඟත්, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත්, ඔවුන්ගේ සතුරන් අතටත්, ඔවුන් ඝාතනය කරන්නට සොයන අය අතටත් පාවා දෙන්නෙමි. නෙබුකද්නෙශර් ඔවුන් මරාදමනු ඇත; ඔවුන් එකෙකු වත් ඉතිරි කරන්නේ නැත. ඔවුන්ට කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’ ”


මාගේ සෙනඟෙනි, මා පිළිකුල් කරන දේ නුඹලා කළ නිසා ලජ්ජා වූවහු ද? නැත. නුඹලා කොහෙත් ම ලජ්ජා වුණේ වත්, නුඹලාට නින්දාව දැනුණේ වත් නැත. ඒ නිසා, නුඹලා වැටෙන්නන් අතරෙහි වැටෙනු ඇත; නුඹලාට දඬුවම් පැමිණෙන කාලයේ දී නුඹලා පැකිළ වැටෙනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


“තවද, ධර්මිෂ්ඨ මිනිසෙකු තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර පාපය කළ විට, එය ඔහුගේ වැටීමට හේතුවක් වන්නට මා ඉඩ හැරියොත්, නුඹ ඔහුට අවවාද නොකළ නිසා ඔහු සිය පාපයෙහි නසිනු ඇත. ඔහු කළ ඔහුගේ දැහැමි ක්‍රියා සිහිකරනු නොලබන්නේ ය. ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි.


අහෝ ජෙරුසලම! නුඹ තුළ පියවරු පුත්‍රයන් ද පුත්‍රයෝ තමන්ගේ පියවරුන් ද කන්නාහ; මම නුඹට දඬුවම් කොට ජෙරුසලමෙහි ඉතිරි වන සියල්ලන් දස දෙස විසුරුවා දමන්නෙමි.


මෙලෙස යුද්ධයක දී මෙන් එකා පිට එකා වැටෙන්නේ ය. සතුරන්ට මුහුණ දී සිටින්නට ද නුඹලාට හැකි නොවනු ඇත.


තවද දාවිත් කතා කොට: “ඔවුන්ගේ කෑම් බීම් ඔවුන්ට මලපතක් හා උගුලක් ද බාධකයක් හා දුර්විපාකයක් ද කරනු ලැබේ වා.


ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ලියා ඇත: “සෙනඟ පැකිලී වැටෙන පිණිස ගලක් ද ඔවුන්ට බාධා වන පිණිස පර්වතයක් ද සියොනෙහි තබමි, උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා අය කිසි සේත් ලජ්ජාවට නොපැමිණෙති.”


තවද: “එය පැකිළී වැටෙන පිණිස ගලක් ද, බාධා වන පිණිස පර්වතයක් ද වී ඇත.” මන්ද, ඔව්හු වචනයට අකීකරු වෙමින් පැකිළෙති. එය ඔවුන්ට නියමිත දේ විය.