ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 52:22 - Sinhala New Revised Version 2018

එය මත ලෝකඩ පේකඩයක් විය. එක එක පේකඩය මීටර් දෙකයි දශම දෙකක් උස විය. පේකඩය වටේට දෙළුම් ගෙඩිවලින් සරසන ලද කැටයම් රාමුවක් තිබුණේ ය. ඒ සියල්ල කරන ලද්දේ ලෝකඩින් ය. දෙ වන කුලුණත් ඒ අයුරින් ම දෙළුම් ගෙඩිවලින් සරසන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එය මත ලෝකඩ පේකඩයක් විය. එක එක පේකඩය මීටර් දෙකයි දශම දෙකක් උස විය. පේකඩය වටේට දෙළුම් ගෙඩිවලින් සරසන ලද කැටයම් රාමුවක් තිබුණේ ය. ඒ සියල්ල කරන ලද්දේ ලෝකඩින් ය. දෙ වන කුළුණත් ඒ අයුරින් ම දෙළුම් ගෙඩිවලින් සරසන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එය පිට පිත්තල පේකඩයක් විය; එක එක පේකඩයේ උස පස්රියනක්ය, පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබුණේය, ඒ සියල්ල පිත්තලෙන්ය. දෙවෙනි කුළුනත් ඒ ආකාරව දෙළුම් සහිතව තිබුණේය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 52:22
9 හුවමාරු යොමු  

කුලුණු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින්, මැද වටය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබිණි.


කුලුණු පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල වටේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයක් ද


එක කුලුණේ උස මීටර් අටකි. එහි පිට ලෝකඩ පේකඩයක් විය. පේකඩයේ උස මීටර් එකයි දශම තුනකි. පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබිණි. ඒ සියල්ල ලෝකඩින් විය. දෙ වන කුලුණ පිටත් එයාකාර ව දැල් වැඩ තිබිණි.


මාලිගාව ඉදිරිපිට ඔහු මීටර් පහළොවයි දශම පහක් උස ඇති කුලුණු දෙකක් සෑදුවේ ය. එක එකේ මුදුන පිට තිබුණ පේකඩය මීටර් දෙකයි දශම දෙකකි.


ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවර ද රන් කෙවෙණි දෙකට අමුණා, ඒවා ඒපොද් සැට්ටයේ උර පටි පිට ඉස්සරහින් තැබිය යුතු යි.