රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලමේ පවුරු හාත්පසින් ම බිඳ දැමූ හ.
යෙරෙමියා 52:14 - Sinhala New Revised Version 2018 හමුදාවේ සේනාධිපතියා සමඟ සිටි බබිලෝනිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලම හාත්පස තිබුණ පවුරු සියල්ල බිඳදැමුවෝ ය. Sinhala New Revised Version හමුදාවේ සේනාධිපතියා සමඟ සිටි බබිලෝනිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලම හාත්පස තිබුණ පවුරු සියල්ල බිඳදැමුවෝ ය. Sinhala Revised Old Version රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව යෙරුසලම හාත්පස පවුරු සියල්ල බිඳදැමුවෝය. |
රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලමේ පවුරු හාත්පසින් ම බිඳ දැමූ හ.
ඔව්හු කතා කොට, “විප්‍රවාසයෙන් බේරී ඒ රටේ ඉතිරි ව සිටින අය මහා දුක් කරදරවලටත්, නින්දාවටත් භාජන වී සිටිති. ජෙරුසලමේ පවුර ද බිඳ දමා තිබේ. එහි දොරටු ගිනිබත් කර තිබේ ය”යි මට කී හ.
එතුමාණෝ තම මණ්ඩපය වත්තක් මෙන් පාළු කරදැමූ සේක. ස්වකීය රැස්වීම් ස්ථානය විනාශ කළ සේක. සමිඳාණෝ සියොන්හි මංගල්‍ය සහ සබත් දවස මතක නැති කරවූ සේක. තම බලවත් කෝපයෙන් රජු සහ පූජකයා ඉවත් කළ සේක.
ඔවුන් නුඹේ වස්තු කොල්ලකා, නුඹේ වෙළෙඳාම් බඩු උදුරාගනු ඇත. නුඹේ පවුරු බිඳදමා, විශාල මන්දිර හෙළාදමා නුඹේ ගල් ද ලී ද පස් ද මුහුදට දමනු ඇත.