ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.
යෙරෙමියා 51:57 - Sinhala New Revised Version 2018 මම ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද ඇගේ ආණ්ඩුකාරයන් ද ඇගේ සේනාධිපතීන් ද ඇගේ හේවායන් ද මත් කරන්නෙමි. ඔව්හු ද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝ ය. මෙසේ පවසන්නේ සව් බලැති සමිඳුන් වන රජාණන් වහන්සේ ය. Sinhala New Revised Version මම ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද ඇගේ ආණ්ඩුකාරයන් ද ඇගේ සේනාධිපතීන් ද ඇගේ හේවායන් ද මත් කරන්නෙමි. ඔව්හු ද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝ ය. මෙසේ පවසන්නේ සව් බලැති සමිඳුන් වන රජාණන් වහන්සේ ය. Sinhala Revised Old Version මම ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද ඇගේ ආණ්ඩුකාරයන්ද ඇගේ මුලාදෑනීන්ද ඇගේ බලවතුන්ද මත්කරවන්නෙමි; ඔව්හුද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම් වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක. |
ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.
ශාස්ත්‍රකාරයන් මෝඩයන් කරවන්නේත්, පේන කියන්නන් උමතු කරවන්නේත් මම ය. පණ්ඩිතයන්ගේ වදන් ප්‍රතික්ෂේප කරන්නේත්, ඔවුන්ගේ දැනුම මෝඩකම බව පෙන්වා දෙන්නේත් මම ය.
එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”
එවිට ස්වාමීන් වන මා මේ දේශයේ සියලු ජනයාට එනම්, පූජකයන්ට ද දිවැසිවරුන්ට ද දාවිත්ගේ පරපුරෙහි සියලු රජවරුන්ට ද ජෙරුසලම්හි සියලු වැසියන්ට ද වෙරි වන තුරු මුද්‍රික පානය පොවන බව ඔවුන්ට කියන්න.
එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ ඔවුන්ට කතා කොට, ‘නුඹලා බීමත් වී වමනය කොට, මා විසින් නුඹලා අතරට එවනු ලබන යුද්ධය නිසා වැටී නොනැඟිට සිටින්නැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න.
සව් බලැති සමිඳාණෝ යැයි නම් දරන රජතුමාණෝ දිවුරා මෙසේ පවසන්නාහ: ජීවමාන දෙවිඳා මම වෙමි; නුඹලාට පහර දෙන තැනැත්තාගේ ශක්තිය කඳු අතරේ තාබෝර් කන්ද මෙන් ද මුහුද ළඟ තිබෙන කර්මෙල් කන්ද මෙන් ද වන්නේ ය.
“මෝවබ් සහ එහි නගරවල විනාශකයා පැමිණෙයි. එහි කදිම තරුණයෝ මැරුම් කෑමට බැස ගියෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ නම් රජ තුමාණන් වන මම ය.
එබැවින් ඒ දවසේ දී බබිලෝනියේ තරුණයන් වීදිවල වැටෙනු ඇත; එහි සියලු හේවායෝ විනාශ කරනු ලබති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ඔවුන් කෑදර වූ විට මම ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කර දී, වෙරි මත් වන තෙක් බොන්නට දී ඔවුන් ක්ලාන්ත වූ විට, නොපිබිදෙන හැටියට ඔවුන් සදා නින්දට පත් කරවන්නෙමි.
“මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරමින්, ප්‍රබල බාහුවෙන් ද මාගේ මුළු බලයෙන් ද මාගේ උදහස වැගිරීමෙන් ද නුඹලා කෙරෙහි රජකම් කරන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
උන් වහන්සේගේ සතුරෝ කටු ගස් මෙන් පැටලී සුරා පානයෙන් මත් වී සිටිය ද වියළී ගිය පිදුරු මෙන් ගිනිබත් වන්නෝ ය.
“අසිරියාවේ රජ්ජුරුවෙනි, නුඹේ පාලකයෝ නිදාගනිති; නුඹේ අධිපතීහු සැතපෙති; නුඹේ සෙනඟ කඳුවලට විසිරී ගොස් ඇත. ඔවුන් නැවත එක්රැස් කරන්න කිසිවෙක් නැත.
මා හට පූජා කරන්න පොරොන්දු වූ හොඳ සතුන් රැළේ සිටිය දී, වැදගැම්මක් නැති සතෙකු මට පූජා කරන ප්‍රයෝගකාරයාට වන විපතක මහත! මන්ද, මම ශ්‍රේෂ්ඨ රජෙක්මි. සියලු රටවල සෙනඟ මාගේ නාමයට ගරුබිය දක්වති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළ, සැප ජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඈ දවාලන ගින්නේ දුම දකින කල,