මල් වැටී, ඉදීගෙන එන මිදි පල නෙළාගන්න පෙර මිදි වැලක විසිරී ගිය මිදි රිකිලි කැතිවලින් පාහින්නා සේ ඉතා පහසුවෙන් සතුරෝ එතියෝපියන්වරුන් විනාශ කරති.
යෙරෙමියා 51:33 - Sinhala New Revised Version 2018 බබිලෝනිය ගොයම් පාගන කාලයෙහි දී දකින්නට ලැබෙන කමතක් වැනි ය. තව ස්වල්ප කාලයකින් ගොයම් කපන කාලය පැමිණෙනු ඇත. ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක. Sinhala New Revised Version බබිලෝනිය ගොයම් පාගන කාලයෙහි දී දකින්නට ලැබෙන කමතක් වැනි ය. තව ස්වල්ප කාලයකින් ගොයම් කපන කාලය පැමිණෙනු ඇත. ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක. Sinhala Revised Old Version මක්නිසාද: බබිලොන් දුව මඩිනු ලබන කලවිටක් මෙන්ය; තව ටිකකින් ගොයම් කපන කාලය ඈට පැමිණේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. |
මල් වැටී, ඉදීගෙන එන මිදි පල නෙළාගන්න පෙර මිදි වැලක විසිරී ගිය මිදි රිකිලි කැතිවලින් පාහින්නා සේ ඉතා පහසුවෙන් සතුරෝ එතියෝපියන්වරුන් විනාශ කරති.
මාගේ ඉශ්රායෙල් සෙනඟෙනි, නුඹලා කමතේ ගොයම් මෙන් මඩිනු ලැබුවහු ය. එහෙත් දැන්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සව් බලැති සමිඳුන්ගෙන් මා ඇසූ ශුභ අස්න මම නුඹලාට දැනුම් දෙන්නෙමි.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය.
අස්වැන්න පැසී ඇති බැවින් දෑකැත්ත යොදන්න; මිදි යන්ත්‍ර පිරී ඇති බැවින් ඇතුළට ගොස් පාගන්න; ඔවුන්ගේ නපුරුකම් අධික බැවින් බඳුන් උතුරා යයි.”
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දමස්කයේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් යකඩ කූරු ඇති කුළුගෙඩිවලින් තළා පෙළන්නා සේ ගිලියද් වැසියන් තළා පෙළූ නිසා ඔවුන්ට මම සත්තකින් ම දඬුවම් කරමි.
එහෙත් සමිඳාණන් වහන්සේගේ අදහස කුමක් දැ යි ඔව්හු නොදනිති. ගොයම් රැස් කරගෙන මඩින්නාක් මෙන් ඔවුන්ට දඬුවම් කරන්න උන් වහන්සේ ඔවුන් රැස් කර ඇති බව ඔව්හු නොදනිති.
“සියොන් පුරඟන, නැඟිට ගොයම් පාගන්න. බොහෝ ජාතීන් පොඩි කරන පිණිස ඔබට මම යකඩ අං හා ලෝකඩ කුර දෙන්නෙමි. ඔවුන්ගේ ධනය සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය. එය මුළු ලෝකයේ සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය.”
ගොයම් කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්න හරින්න. ඉන්පසු ගොයම් කපන කාලයේ දී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නැ යි කපන්නන්ට කියමි’යි කීවේ ය.”