යෙරෙමියා 51:3 - Sinhala New Revised Version 2018 තමන්ගේ ඊතල විදින්නට වත්, යුද ඇඳුමෙන් සැරසී සිටින්නට වත් බබිලෝනියේ හේවායන්ට ඉඩ නොදෙන්න. ඇගේ තරුණයන්ට අනුකම්පා නොකොට ඇගේ මුළු සේනාව වනසාලන්න. Sinhala New Revised Version තමන්ගේ ඊතල විදින්නට වත්, යුද ඇඳුමෙන් සැරසී සිටින්නට වත් බබිලෝනියේ හේවායන්ට ඉඩ නොදෙන්න. ඇගේ තරුණයන්ට අනුකම්පා නොකොට ඇගේ මුළු සේනාව වනසාලන්න. Sinhala Revised Old Version දුනුවායා තමාගේ දුන්න තැත් නොකවාවා, ඔහු තමාගේ යුද්ධ සැට්ටය හැඳගෙන නැගිට නොසිටීවා. නුඹලා ඇගේ යෞවනයන්ට කරුණා නොකොට ඇගේ මුළු සේනාව සිඳදමන්න. |
රථවල අසුන් බැඳගන්න; අසරුවෙනි, යුද හිස් වැසුම් දමාගෙන පෙළ ගැසී සිටින්න; හෙල්ල තියුණු කරගන්න; යුද සැට්ට හැඳගන්න.
දුනුවායෙනි, බබිලෝනියට විරුද්ධ ව එය වටකර යුද්ධයට සැරසී අන්තිම ඊගස දක්වා එයට විදින්න. මන්ද, එය සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කර ඇත.
“මෙරාතයිම් දේශයටත්, පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධ ව නැඟී ගොස් ඔවුන් ලුහුබැඳ, ඔවුන් සහමුලින් ම විනාශ කර දමන්න; මා නුඹලාට අණ කළ සියල්ල කරන්න. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ඇගේ සියලු හේවායන් මරාදමන්න; ඔවුන් ඝාතනය කරන්න; ඔවුන්ට වන විපතක මහත! ඔවුන්ට දඬුවම් දීමේ දවස දැන් ළඟා වී තිබේ.”
බබිලෝනිය අහස උසට නැගුණත්, එහි ශක්තිමත් බලකොටු සාදාගත්තත් මා යවන විනාශකයන් ඈ කරා පැමිණෙනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
මන්ද, වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත.
වීදිවල යුද්ධය ඇති වෙයි; ගෙවල භීතිය ඇති වෙයි. තරුණ තරුණියෝ නැසී යති; කිරි දරුවෝ ද මහල්ලෝ ද වැනසී යති.
දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.