හිමිතුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.
යෙරෙමියා 49:10 - Sinhala New Revised Version 2018 එහෙත්, මම කිසිත් ඉතිරි නොකොට, ඒසව්ගේ පරපුර වනසන්නෙමි. ඔවුන්ට තවත් සැඟවෙන්නට බැරි වන ලෙස ඔවුන් සැඟවී සිටින තැන් එළිදරව් කරන්නෙමි. ඒදොම්හි ජනයා ද ඔවුන්ගේ ඥාතීහු ද අසල්වාසීහු ද විනාශ කරන ලදහ. කිසිවෙක් ඉතිරි වන්නේ නැත. Sinhala New Revised Version එහෙත්, මම කිසිත් ඉතිරි නොකොට, ඒසව්ගේ පරපුර වනසන්නෙමි. ඔවුන්ට තවත් සැඟවෙන්නට බැරි වන ලෙස ඔවුන් සැඟවී සිටින තැන් එළිදරව් කරන්නෙමි. ඒදොම්හි ජනයා ද ඔවුන්ගේ ඥාතීහු ද අසල්වාසීහු ද විනාශ කරන ලදහ. කිසිවෙක් ඉතිරි වන්නේ නැත. Sinhala Revised Old Version නුමුත් මම ඒසව් නිර්වස්ත්‍රකෙළෙමි, ඔහු සැඟවෙන ස්ථාන එළිදරව් කෙළෙමි, ඔහුට සැඟවී සිටින්ට බැරි වන්නේය. ඔහුගේ වංශයද සහෝදරයෝද අසල්වාසීහුද නාස්තිවුණෝය, ඔහුද නැත. |
හිමිතුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.
සවස ඔවුන් අන් අය බිය ගන්වන නමුත්, උදේ වන විට ඔවුන් දකින්න වත් නැත. අපේ දේශය කොල්ල කන අයගේ ඉරණම එය ය.
නුඹේ නම කියා කැඳවන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මා බව නුඹ දැනගන්න පිණිස සඟවා ඇති වස්තු ද රහස් තැන්වල නිධාන ද නුඹට දෙන්නෙමි.
මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකි ය. මා ස්වර්ගයේත්, පොළොවේත් සෑම තැන ම වැඩ සිටින බව නුඹලා නොදන්නහු ද?
එම්බා සියොන් පුරඟන, ඔබේ අයුතුකමේ දඬුවම ඉටු විය. එතුමාණෝ තවත් ඔබ විප්‍රවාසයට ගෙන නොයන සේක. එම්බා ඒදොම් පුරඟන, එතුමාණෝ ඔබේ අයුතුකමට දඬුවම් කරන සේක. ඔබේ පව් එළිදරව් කරන සේක.
ඔවුන් කර්මෙල් කන්ද මුදුනෙහි සැඟවී සිටියත්, මම ඔවුන් සොයාගෙන අල්ලාගනිමි. ඔවුන් මට නොපෙනී මුහුදු පත්ලෙහි සැඟවුණත්, එහි දී ඔවුන් දෂ්ට කරන පිණිස මුහුදු සර්පයාට මම අණ කරමි.
අනේ! ඒසව්; ඔවුන් නුඹේ වස්තුව සොයාගෙන තිබෙන හැටි! ඒ සඟවන ලද වස්තුව පැහැරගෙන ගොස් ඇති හැටි!
ඒසව්ගේ කඳුකරයේ සටන් කරන හැම දෙනා ම මරාදමන තුරු, එම්බා තේමාන්! නුඹේ රණ ශූරයන් භීතියෙන් ත්‍රස්ත වනු ඇත.”