දීබොන් දේශයේ සෙනඟ ගිරිකුළු දේවාලවලට ගොස් හඬා වැලපෙන්නෝ ය. නෙබෝ සහ මේදෙබා ගැන මෝවබ් වැලපෙන්නේ ය. දුක් බරින් ඔවුන් තමන්ගේ හිස් මුඩු කර රැවුල් කපා ඇත.
යෙරෙමියා 48:3 - Sinhala New Revised Version 2018 නාස්තියත්, මහා විනාශයත් නිසා කෑමොරගැසීමේ හඬක් හොරොතයිම් කෙරෙන් නික්මෙන්නේ ය. Sinhala New Revised Version නාස්තියත්, මහා විනාශයත් නිසා කෑමොරගැසීමේ හඬක් හොරොතයිම් කෙරෙන් නික්මෙන්නේ ය. Sinhala Revised Old Version නාස්තියත් මහත් විනාශයත් නිසා කෑගැසීමේ හඬක් හොරොනයිම් කෙරෙන් පැමිණෙන්නේය. |
දීබොන් දේශයේ සෙනඟ ගිරිකුළු දේවාලවලට ගොස් හඬා වැලපෙන්නෝ ය. නෙබෝ සහ මේදෙබා ගැන මෝවබ් වැලපෙන්නේ ය. දුක් බරින් ඔවුන් තමන්ගේ හිස් මුඩු කර රැවුල් කපා ඇත.
මාගේ සිත මෝවබ් නිසා කම්පා වෙයි. එහි සෙනඟ ශෝවාර් හෙවත් එග්ලත්-ෂෙලිෂිය නගරයට පලා යති. ඇතැමෙක් හඬ හඬා ලුහිත්හි ගොඩැල්ලේ නැඟී යති. හොරොනායිම් මාර්ගයෙහි දී සමහරු මරහඬ දෙමින් කෑගසති.
මුළු මෝවබ් දේශය පුරා කෑගැසීමේ හඬ ඇසේ; එහි විලාප හඬ එග්ලයිම් හා බෙයෙර්-එලීම් නගර දක්වා ඇසේ.
මාගේ සෙනඟ මෙපමණ ගණනක් විනාශ වී ඇති බැවින් දැන් මට තනි ව ම හඬා වැලපෙන්න ඉඩ හරින්න. මා සනසන්න උත්සාහ නොකරන්න.
ඒ මිනිසා, සමිඳුන් නිර්දය ලෙස විනාශ කළ නගර මෙන් වේ වා! උදෑසන අනතුරු ඇඟවීම ද මද්දහනේ යුද ගොස ද ඔහුට ඇසේ වා!
“බලන්න, වතුර උතුරෙන් ගලා අවුත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි ඇති සෑම දෙයක් ද නගරය සහ එහි වැසියන් ද උඩින් ගලා යන්නේ ය. මනුෂ්‍යයෝ ද කෑගසන්නෝ ය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝ ය.
“හෙෂ්බොන්හි හා එලෙයාලේහි සෙනඟ මොරගසති. ඔවුන්ගේ මොරහඬ ජහශ් දක්වා ඇසේ; ශෝවර්හි ජනයාට එය ඇසේ. හොරොනායිම් හා එග්ලත්-ෂෙලීෂිය ද දක්වාත් ඇසේ. නිම්රිම්හි ජලය පවා හිඳී ගොස් ඇත.
“ලුහිත්ට යන උඩහ පාරේ හැඩුම් පිට හැඩුම් නඟින්නේ ය. එසේ ය, හොරොතයිම්ට බැස යන පාරේ විනාශයේ දුක්ඛිත අඳෝනාව ඇසෙන්නේ ය.
“සවන් දෙන්න. බබිලෝනියෙන් මොරගැසීමේ ශබ්දයක්, කල්දිවරුන්ගේ ඒ දේශයෙන් මහත් විනාශයේ ශබ්දයක් ඇසෙයි.