මිසරයේ සිටින කුලී හේවායෝ තර කරන ලද වස්සන් වැනි ය. ඔවුන්ගේ විපත්ති දවස, ඔවුන්ගේ විනිශ්චයයේ දවස, එනම්, ඔවුන්ට දඬුවම් කිරීමේ දවස ඔවුන් වෙත ළඟා වූ නිසා ඔවුන්ට කෙළින් සිටීමට නොහැකි ව, ඔව්හු පසු බැස හැරී එක් ව පලා ගියෝ ය.
යෙරෙමියා 46:16 - Sinhala New Revised Version 2018 නුඹලාගේ හේවායෝ පැකිළී වැටෙන්නෝ ය. ඔව්හු එකිනෙකා අමතා ‘නැඟිටින්න, අපේ සතුරන්ගේ කඩුවෙන් මිදී, අපේ දේශයේ අපේ සෙනඟ වෙත යමු’යි කියන්නෝ ය. Sinhala New Revised Version නුඹලාගේ හේවායෝ පැකිළී වැටෙන්නෝ ය. ඔව්හු එකිනෙකා අමතා ‘නැඟිටින්න, අපේ සතුරන්ගේ කඩුවෙන් මිදී, අපේ දේශයේ අපේ සෙනඟ වෙත යමු’යි කියන්නෝ ය. Sinhala Revised Old Version පැකිලෙන්නන් උන්වහන්සේ වැඩිකළසේක, ඔව්හු එකිනෙකා පිටටත් වැටුණෝය. තවද ඔව්හු: නැගිටින්න, පීඩාකරන කඩුව ඉදිරියෙන් අපේ සෙනඟ ළඟටත් අප උපන්දේශයටත් යමුයයි කීවෝය. |
මිසරයේ සිටින කුලී හේවායෝ තර කරන ලද වස්සන් වැනි ය. ඔවුන්ගේ විපත්ති දවස, ඔවුන්ගේ විනිශ්චයයේ දවස, එනම්, ඔවුන්ට දඬුවම් කිරීමේ දවස ඔවුන් වෙත ළඟා වූ නිසා ඔවුන්ට කෙළින් සිටීමට නොහැකි ව, ඔව්හු පසු බැස හැරී එක් ව පලා ගියෝ ය.
ශීඝ්‍ර ලෙස දුවන්නන්ට බේරී යන්න බැරි ය; හේවායන්ට ගැළවී යන්න බැරි ය; ඔව්හු උතුරු දිශාවේ යුප්‍රටීස් ගංගාව ළඟ දී පැකිළී වැටුණෝ ය.
වපුරන්නන් ද දෑකැත්ත අතින් ගත් ගොයම් කපන්නන් ද බබිලෝනියෙන් වනසාලන්න. පීඩා කරන කඩුවට බියෙන් සියලු දෙනා ම තම තමන්ගේ සෙනඟ වෙත හැරී සිය මවුබිම බලා පලා යන්නෝ ය.”
විදේශීහු කතා කරමින්, ‘අපි බබිලෝනිය සුව කරන්නට උත්සාහ කෙළෙමු; එහෙත්, ඈට සුවය ලැබී නැත. අපි ඇය අත්හැර ආපසු අපේ ම රටවලට යමු. මන්ද, බබිලෝනියේ විනාශය අහස උසට, වලාකුළු දක්වා නැඟුණේ ය’යි කී හ.