Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 46:16 - Sinhala Revised Old Version

16 පැකිලෙන්නන් උන්වහන්සේ වැඩිකළසේක, ඔව්හු එකිනෙකා පිටටත් වැටුණෝය. තවද ඔව්හු: නැගිටින්න, පීඩාකරන කඩුව ඉදිරියෙන් අපේ සෙනඟ ළඟටත් අප උපන්දේශයටත් යමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නුඹලාගේ හේවායෝ පැකිළී වැටෙන්නෝ ය. ඔව්හු එකිනෙකා අමතා ‘නැඟිටින්න, අපේ සතුරන්ගේ කඩුවෙන් මිදී, අපේ දේශයේ අපේ සෙනඟ වෙත යමු’යි කියන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 නුඹලාගේ හේවායෝ පැකිළී වැටෙන්නෝ ය. ඔව්හු එකිනෙකා අමතා ‘නැඟිටින්න, අපේ සතුරන්ගේ කඩුවෙන් මිදී, අපේ දේශයේ අපේ සෙනඟ වෙත යමු’යි කියන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 46:16
5 හුවමාරු යොමු  

අපි බබිලෝනිය සුවකරන්ට උත්සාහකෙළෙමුව, නුමුත් ඈට සුවවෙලා නැත. ඇය අත්හරින්න, අපි එකිනෙකා තම තමාගේ රටට යමු. මක්නිසාද ඇගේ විනිශ්චය අහසට ළංවී වලාකුල් දක්වා නැගුණේය.


වපුරන්නා සහ ගොයම්කපන කාලයෙහි දෑකැත්ත පාවිච්චිකරන්නා බබිලෝනියෙන් සිඳදමන්න. පීඩාකරන කඩුවට භයින් ඔව්හු තම තමුන්ගේ සෙනඟ වෙතට හැරී තම තමුන්ගේ දේශයට පලායන්නෝය.


ඈ තුළ සිටින ඇගේ කුලීකාර හේවායොත් තර කරපු වස්සන්ට සමානය; මක්නිසාද ඔව්හු පවා පස්සට හැරී එක්ව පලාගියෝය. ඔවුන්ගේ විපත්ති දවස එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ කාලය ඔවුන් පිටට පැමුණුණු නිසා ඔව්හු නොසිටියෝය.


ශීඝ්‍ර තැනැත්තේ පලා නොයේවා, බලවන්තයාද ගැළවී නොයේවා; ඔව්හු උතුරු දිශාවේ ප්‍රාත් ගංගාව ළඟදී පැකිල වැටුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්