යෙරෙමියා 46:15 - Sinhala New Revised Version 2018 නුඹලාගේ බලසම්පන්න ගව දෙවියා පලා ගියේ ය. ඔහුට ස්ථිර ව සිටීමට නොහැකි වී ද? සමිඳාණෝ ඔහුට පහර දුන් සේක. Sinhala New Revised Version නුඹලාගේ බලසම්පන්න ගව දෙවියා පලා ගියේ ය. ඔහුට ස්ථිර ව සිටීමට නොහැකි වී ද? සමිඳාණෝ ඔහුට පහර දුන් සේක. Sinhala Revised Old Version නුඹේ බලසම්පන්න අය පහකරදමනු ලැබුවේ මක්නිසාද? ඔවුන් නොහිටියේ ස්වාමීන්වහන්සේ ඔවුන් පන්නාදැමූ නිසාය. |
ඔබේ බාහු බලයෙන් මිසදිටු ජාතීන් පලවා හැර, ඔබේ සෙනඟ ඔබ එහි වාසය කරවූ සේක; විජාතීන්ට පහර දී ඔබේ ම සෙනඟට සව්සිරි සැපත දුන් සේක.
දෙවිඳාණෝ නැඟිට සතුරන් විසුරුවා හරින සේක. එතුමාණන්ට වෛර කරන්නෝ එතුමාණෝ ඉදිරියෙන් පලා යන්නෝ ය.
සුළඟට ගසාගෙන යන දුමක් මෙන් එතුමාණෝ ඔවුන් පහකරන සේක; ගිනි ළඟ දිය වන ඉටි මෙන් දෙවිඳුන් අබිමුව දුදනෝ වැනසී යෙත් වා!
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “මා පාරාවෝ හට කරන්න යන දේ නුඹට දැන් පෙනෙනු ඇත. බාහු බලයෙන් ඔවුන්ට පිට වී යන්න ඉඩ හරින ලෙසත් බාහු බලයෙන් සිය රටින් පිටමං කරන ලෙසත් ඔහුට බල කරමි”යි වදාළ සේක.
මිසරයේ සිටින කුලී හේවායෝ තර කරන ලද වස්සන් වැනි ය. ඔවුන්ගේ විපත්ති දවස, ඔවුන්ගේ විනිශ්චයයේ දවස, එනම්, ඔවුන්ට දඬුවම් කිරීමේ දවස ඔවුන් වෙත ළඟා වූ නිසා ඔවුන්ට කෙළින් සිටීමට නොහැකි ව, ඔව්හු පසු බැස හැරී එක් ව පලා ගියෝ ය.
ඔවුන් කැළඹී ආපසු හැරෙනු ඇත. එබන්දක් මට දකින්නට ලැබුණේ මන් ද? ඔවුන්ගේ බලවන්තයෝ පැරදී ආපසු නොබලා, හදිසියේ පලා ගියෝ ය. සතර දිගින් ම භීතිය ඇත. සමිඳාණෝ මෙසේ වදාරන සේක.
උන් වහන්සේ ඔබට පෙරටුවෙන් මේ සියලු ජාතීන් පන්නාදමන සේක. ඔබ ද ඔබට වඩා ගණනින් විශාල, බලසම්පන්න ජාතීන්ට අයත් රටවල් අයිති කරගන්නහු ය.