එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.
යෙරෙමියා 44:5 - Sinhala New Revised Version 2018 එහෙත්, නුඹලා සවන් දුන්නේ වත්, සිතට ගත්තේ වත් නැත. අන් දෙවිවරුන්ට පූජා කිරීමේ දුෂ්ට පිළිවෙත නුඹලා අත්හැරියේ නැත. Sinhala New Revised Version එහෙත්, නුඹලා සවන් දුන්නේ වත්, සිතට ගත්තේ වත් නැත. අන් දෙවිවරුන්ට පූජා කිරීමේ දුෂ්ට පිළිවෙත නුඹලා අත්හැරියේ නැත. Sinhala Revised Old Version නුමුත් ඔව්හු නෑසුවෝය, අන්දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු නොකරන ලෙස තමුන්ගේ දුෂ්ටකමෙන් හැරෙන්ට ඔව්හු කන් යොමු නොකළෝය. |
එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.
එහෙත්, ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබේ ආත්මානුභාවයෙන් ඔබේ දිවැසිවරුන් මඟින් ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු සවන් නුදුන්හ. ඔබ ද දේශවල ජනයන් අතට ඔවුන් පාවා දුන් සේක.
නුඹලා මාගේ ආඥාවලට සවන් දුන්නහු නම්, මාගේ ආශීර්වාද නොසිඳී ගලන ගඟක් සේ නුඹලා කරා ගලා එන්නේ ය. මුහුදේ රළ පතර මෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේ ය.
යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි.
මාගේ වචනවලට කීකරු නොවූ ඔවුන්ගේ පියවරුන්ගේ පාපවලට ඔව්හු ද වැටී සිටිති. ඔවුන් අන් දෙවිවරුන් අනුගමනය කර, ඔවුන්ට නමස්කාර කර ඇත. ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මා ඔවුන්ගේ පියවරුන් හා සමඟ කළ ගිවිසුම කඩ කර ඇත.
ජුදාවේ සෙනඟට, නගර ඇති තරමට දෙවිවරුත් සිටිති; නින්දිතයා නම් වූ බාල් දෙවියාට නමස්කාරය සඳහා ජෙරුසලමේ වැසියන් ඔවුන්ට ඇති වීදි තරමට, පූජාසන ද පිහිටුවා ඇත.
ඉශ්රායෙල් හා ජුදාව ඉදි කෙළේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. එහෙත්, මා දැන් ඔවුන්ට විපත්තිය නියම කර ඇත. ඔවුන් බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් වැරදි දේ කර තිබෙන නිසා, ඔවුන් මා කෝප කරවා ඇත.”
එහෙත්, ඔවුන් කීකරු වුණේ වත්, සවන් දුන්නේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු තමන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝ ය. ‘මාගේ ගිවිසුමට කීකරු වන්නැ’යි මා ඔවුන්ට අණ කළ නමුත්, ඔවුන් ඊට කීකරු වුණේ නැත. ඒ නිසා ගිවිසුමේ විස්තර කොට ඇති දඬුවම් මම ඔවුන් පිට පැමිණෙව්වෙමි.”
මාගේ වචනයට සවන් නොදෙන, තමන්ගේ සිතුමතේට මුරණ්ඩුකමින් හැසිරෙන, අන් දෙවිවරුන්ට සේවය කරමින් නමස්කාර කරන පිණිස ඔවුන් පසුපස දුවන, මේ දුෂ්ට සෙනඟ වැදගැම්මකට නැති මේ හණ රෙද්ද හා සමාන වනු ඇත.
යම් යම් ගෙවල්වල පියසි උඩ ග්‍රහ තාරකාවන්ට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරන්නටත් යෙදුණේ ද, අපවිත්‍ර වූ ඒ සියලු ගෙවල් එනම්, ජෙරුසලමේ ගෙවල් ද ජුදාහි රජවරුන්ගේ ගෙවල් ද තෝපෙත් මෙන් අපිරිසිදු වන්නේ ය.”
මෙසේ කාරේයාගේ පුත් ජොහානාන් ද සේනාවල සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද ජුදා දේශයෙහි නැවතී සිටින පිණිස සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නො වූ හ.
එහෙත්, ඔව්හු සවන් දෙන්නේ වත්, කීකරු වන්නේ වත් නැති ව, හිතුමතේ ද මුරණ්ඩු සිත්වල දුෂ්ට අදහස් අනුව ද හැසිරෙමින් ඉදිරියට යෑම වෙනුවට පසුබැස ගියහ.
මා ඔවුන් පුතෙකු සේ සලකන්න සලකන්න ඔව්හු වඩ වඩා මට පිටුපා යන්න ගියෝ ය. ඔව්හු බාල් දේවතාවන්ට පූජා කළහ; කැපූ රූපවලට සුවඳ දුම් ඔප්පු කළහ.