එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙකු ඉතිරි කොට ගියේ ය.
යෙරෙමියා 40:7 - Sinhala New Revised Version 2018 පිටිසර සිටි සේනාවල අධිපතීහු ද ඔවුන්ගේ සෙනඟ ද බබිලෝනියේ රජ අහිකාම්ගේ පුත් ගෙදලියා දේශයේ ආණ්ඩුකාරයා කොට පත් කළ බවත්, බබිලෝනියට ගෙන නොගිය දේශයේ ඉතා දිළිඳු වූවන්ගෙන් පුරුෂයන් ද ස්ත්‍රීන් ද දරුවන් ද ඔහුට භාර කළ බවත් ඇසූ විට Sinhala New Revised Version පිටිසර සිටි සේනාවල අධිපතීහු ද ඔවුන්ගේ සෙනඟ ද බබිලෝනියේ රජ අහිකාම්ගේ පුත් ගෙදලියා දේශයේ ආණ්ඩුකාරයා කොට පත් කළ බවත්, බබිලෝනියට ගෙන නොගිය දේශයේ ඉතා දිළිඳු වූවන්ගෙන් පුරුෂයන් ද ස්ත්‍රීන් ද දරුවන් ද ඔහුට භාර කළ බවත් ඇසූ විට Sinhala Revised Old Version පිටිසර සිටිය සේනාවල අධිපතීහුද ඔවුන්ගේ මිනිස්සුද බබිලෝනියේ රජු අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා දේශයේ ආණ්ඩුකාරයා කොට පත්කළ බවත් බබිලෝනියට ගෙන නොගිය දේශයේ ඉතා දිළිඳුවූවන්ගෙන් පුරුෂයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද ඔහුට භාරකළ බවත් ඇසූ විට, |
එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙකු ඉතිරි කොට ගියේ ය.
එකල නුවර සතුරන්ට අසු වී කල්දිවරුන් වටකර සිටිය දී, සියලු යුද්ධ භටයෝ රජ උයන ළඟ පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලා ගියහ. රජ අරබා සමභූමි පාරෙන් පලා ගියේ ය.
එහෙත්, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් කිසිත් නැති දිළිඳු සෙනඟගෙන් සමහරෙකු ජුදා දේශයෙහි ඉතිරි කර තබා, ඔවුන්ට මිදි වතු සහ ඉඩම් ද දුන්නේ ය.
ජෙරමියා රැකවල් මළුවෙන් ගෙන්වාගෙන ඔහු ගෙදරට ගෙන යන පිණිස ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර කළෝ ය. ජෙරමියා සෙනඟ අතරේ වාසය කෙළේ ය.
තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා ද සියලු හේවායෝ ද ඔවුන් දුටු විට, පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රජ උයන මැදින් යන පාරෙන් නගරයෙන් පිටත් ව රාත්‍රියේ පලා ගියෝ ය. ඔව්හු අරබා සමභූමියේ මාර්ගය බලා නික්ම ගියෝ ය.
තවද, රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්, නුවර ඉතිරි ව සිටි සෙනඟ ද පලා අවුත් තමාගේ සෙනඟට එකතු වූ අය ද සෙනඟගෙන් ඉතිරි වූ අනෙක් අය ද අල්ලා බබිලෝනියට ගෙන ගියේ ය.
සත් වන මාසයේ දී රාජ වංශයට අයිති වූ, රජුගේ අධිපතියන්ගෙන් කෙනෙකු වන එලිෂාමාගේ පුත් නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද ඔහු සමඟ මිනිසුන් දසදෙනෙක් ද මිශ්පාහි සිටි අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත පැමිණියෝ ය. එහි ඔව්හු මිශ්පාහි දී එක් ව කෑම කෑවෝ ය.
තවද ඉෂ්මායෙල්, සෙනඟගෙන් ඉතිරි වී මිශ්පාහි සිටි සියල්ලන් එනම්, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර දෙන ලද රාජ කුමරිකාවන් ද මිශ්පාහි ඉතිරි ව සිටි මුළු සෙනඟ ද සිරබාරයට ගත්තේ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ඔවුන් ගෙන අම්මොන්වරුන්ගේ දේශයට යන්නට පිටත් විය.
එහෙත්, කාරේයාගේ පුත් ජොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීහු ද නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් කළ සියලු අපරාධ ගැන අසා,
පුරුෂයෝ ද ස්ත්‍රීහු ද දරුවෝ ද රාජ කුමාරිකාවෝ ද රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් විසින් ෂාපාන්ගේ පුත් වූ අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත නවත්වනු ලැබූ සියලු දෙනා ද යන මොවුහු දිවැසිවර ජෙරමියා ද නේරියාගේ පුත් බාරුක් ද රැගෙන,
එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවල් සේනාධිපතියා වූ නෙබුසරදාන් දේශයේ දිළිඳුන් සමහරෙකු ඉතිරි කර ගියේ ය.