එහෙත්, සෙනඟ කතා කරමින්, “ඔබ නොයා යුතු ය; මන්ද, අප පලා ගියත් ඔවුන් අප සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත; එහෙත්, ඔබ අපෙන් දසදහසක් දෙනෙකු හා සමාන ය. එබැවින් අපට උපකාර කරන්නට සූදානම් ව ඔබ නගරයේ සිටියොත් මැනවැ”යි කීවෝ ය.
යෙරෙමියා 40:15 - Sinhala New Revised Version 2018 එකල කාරේයාගේ පුත් ජොහානාන් මිශ්පාහි දී ගෙදලියාට රහසින් කතා කොට, “මා ගොස් කිසිවෙකු නොදැනුවත් ව නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේ වා. ඔබව මරන්නට ඉඩ දෙන්නේ කුමට ද? එසේ වුවහොත්, ඔබ වෙත රැස් ව සිටින සියලු ජුදෙව්වරුන් විසිර යනු ඇත. ජුදාහි ඉතිරි ව සිටින සියලු දෙනා විනාශ වනු ඇතැ”යි කීවේ ය. Sinhala New Revised Version එකල කාරේයාගේ පුත් ජොහානාන් මිශ්පාහි දී ගෙදලියාට රහසින් කතා කොට, “මා ගොස් කිසිවෙකු නොදැනුවත් ව නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේ වා. ඔබව මරන්නට ඉඩ දෙන්නේ කුමට ද? එසේ වුවහොත්, ඔබ වෙත රැස් ව සිටින සියලු ජුදෙව්වරුන් විසිර යනු ඇත. ජුදාහි ඉතිරි ව සිටින සියලු දෙනා විනාශ වනු ඇතැ”යි කීවේ ය. Sinhala Revised Old Version එකල කාරේයාගේ පුත්‍රවූ යොහානාන් මිශ්පාහිදී ගෙදලියාට රහසින් කථාකොට: මා ගොස් කිසිවෙකු නොදැනුවත්ව නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේවා. නුඹ වෙතට රැස්වී සිටින සියලු යුදෙව්වන් විසිර ගොස්, මෙසේ ඉතිරිව සිටින යූදාවරුන් නැතිවෙන හැටියට, ඔහු නුඹ මරන්නේ කුමටදැයි කීවේය. |
එහෙත්, සෙනඟ කතා කරමින්, “ඔබ නොයා යුතු ය; මන්ද, අප පලා ගියත් ඔවුන් අප සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත; එහෙත්, ඔබ අපෙන් දසදහසක් දෙනෙකු හා සමාන ය. එබැවින් අපට උපකාර කරන්නට සූදානම් ව ඔබ නගරයේ සිටියොත් මැනවැ”යි කීවෝ ය.
එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි රජුට සහාය වී පිලිස්තියයාට පහර දී ඔහු මැරුවේ ය. එවිට දාවිත්ගේ සෙනඟ, “ඉශ්රායෙල්වරුන්ගේ පහන වැනි බලාපොරොත්තුව වන ඔබ, නොනිවෙන පිණිස තවත් අප සමඟ යුද්ධයට නොයා යුතු ය”යි දිවුරුම් දී දාවිත්ට කියා සිටියෝ ය.
නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරේයාගේ පුත් ජොහානාන් හා ජොනතන් ද තන්හුමෙත්ගේ පුත් සෙරායා ද නෙටොපාතියා ඒපයිගේ පුත්‍රයෝ ද මයකාතියයාගේ පුත් ජෙසනියා ද ඔවුන්ගේ සෙනඟ ද මිශ්පා නගරයේ සිටි ගෙදලියා වෙත ආහ.
දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, “අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි.
“ඔබ දන්නා දෙයක් නැත; මුළු ජාතියේ විනාශයට වඩා, ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැ”යි කී ය.
දාවිත්ගේ සෙනඟ කතා කොට, “මෙන්න, හරි අවස්ථාව පැමිණ තිබේ. සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබේ සතුරා ඔබේ අතට පාවා දී ඇත. ඔබ කැමැති දෙයක් ඔහුට කරන්නට ඔබට හැකි ය”යි කී හ. එවිට දාවිත් නැඟිට සාවුල්ගේ සළුවේ කොන රහසින් කපා ගත්තේ ය.
එවිට අබිෂයි දාවිත්ට කතා කොට, “දෙවියන් වහන්සේ අද ඔබේ සතුරා ඔබ අතට පාවා දුන් සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමට ම ඇණ දමන්නට මට අවසර දුන මැනව; ඔහුට පහර දෙකක් ගසන්නට වුවමනා නැතැ”යි දාවිත්ට කීවේ ය.