එවිට ජාකොබ් තදින් රොස් වී, ලාබන්ට බැණ වැදුණේ ය. “ඔබ මා පසුපස්සේ මෙතරම් වේගයෙන් ලුහුබැඳ ඒමට මා කළ වැරැද්ද කුමක් ද? මා කළ අපරාධය කුමක් ද?
යෙරෙමියා 37:18 - Sinhala New Revised Version 2018 තවද, ජෙරමියා ශෙදෙකියා රජුට කතා කොට, “මා හිරගෙයි දැමීමට ඔබට වත්, ඔබේ සේවකයන්ට වත්, මේ සෙනඟට වත් විරුද්ධ ව මා කළ වරද කුමක් ද? Sinhala New Revised Version තවද, ජෙරමියා ශෙදෙකියා රජුට කතා කොට, “මා හිරගෙයි දැමීමට ඔබට වත්, ඔබේ සේවකයන්ට වත්, මේ සෙනඟට වත් විරුද්ධ ව මා කළ වරද කුමක් ද? Sinhala Revised Old Version තවද යෙරෙමියා ශෙදෙකියා රජුට කථාකොට: මා හිරගෙයි දැමීමට නුඹටවත් නුඹේ සේවකයන්ටවත් මේ සෙනඟටවත් විරුද්ධව මා විසින් කළ පාපය මොකද? |
එවිට ජාකොබ් තදින් රොස් වී, ලාබන්ට බැණ වැදුණේ ය. “ඔබ මා පසුපස්සේ මෙතරම් වේගයෙන් ලුහුබැඳ ඒමට මා කළ වැරැද්ද කුමක් ද? මා කළ අපරාධය කුමක් ද?
එහෙත්, ජුදාවේ රජු වූ හෙසකියා සහ සියලු ජුදාවරු ඔහු මැරුවෝ ද? ඒ වෙනුවට හෙසකියා සමිඳාණන් වහන්සේට බිය වී උන් වහන්සේට කන්නලව් කෙළේ නැද් ද? සමිඳාණන් වහන්සේ ද ඔවුන්ට විරුද්ධ ව ප්‍රකාශ කළ විපත ගැන සිය අදහස් වෙනස් කළ සේක. දැන් අප, අප පිට ම දරුණු විපතක් පමුණුවාගන්නට ළඟ ය.
එවිට ජේසුස් වහන්සේ කතා කොට, “පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නහු දැ”යි ඇසූ සේක.
පාවුලු ඉතා ඕනෑකමින් මන්ත්‍රණ සභාව දෙස නෙත් යොමා, “සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව හැසුරුණෙමි”යි කී ය.
ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.
ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු යමක් මා කර තිබේ නම්, මා මරණ දඬුවමින් මුදන ලෙස නො ඉල්ලමි. එහෙත් මොවුන් මට තබන චෝදනාවල කිසි සත්‍යයක් නැත්නම්, මා ඔවුන් අතට පාවා දීමට කිසිවෙකුට බැරි ය. මම සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලමි”යි කී ය.
එහෙත් මරණ දඬුවමට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනී ගියේ ය. ඇරත්, මොහු ම අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු එහි යැවීමට මම නියම කෙළෙමි.
පාවුලු තමාගේ නිදහසට උත්තර දෙමින්, “මම ජුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවලියට වත්, දේව මාලිගාවට වත්, සීසර් අධිරාජයාට වත් විරුද්ධ ව කිසි වරදක් නොකෙළෙමි”යි කී ය.
පිටතට ගොස්, “මේ මිනිසා මරණයට වත් යදම්වලින් බඳිනු ලැබීමට වත් සුදුසු කිසි දෙයක් කර නැතැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.