ජොෂියා රජ තමාගේ දහඅට වන අවුරුද්දේ දී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශ්ලියාගේ පුත් ෂාපාන් ලේකම් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යවමින් කතා කොට,
යෙරෙමියා 36:11 - Sinhala New Revised Version 2018 ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ පුත් මීකායා සමිඳාණන් වහන්සේගේ සියලු වචන පොතෙන් කියවනු ඇසූ කල, Sinhala New Revised Version ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ පුත් මීකායා සමිඳාණන් වහන්සේගේ සියලු වචන පොතෙන් කියවනු ඇසූ කල, Sinhala Revised Old Version ෂාපාන්ගේ පුත්‍රයා වන ගෙමරියාගේ පුත්‍රවූ මීකායා ස්වාමීන්වහන්සේගේ සියලු වචන පොතෙන් ඇසූ කල, |
ජොෂියා රජ තමාගේ දහඅට වන අවුරුද්දේ දී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශ්ලියාගේ පුත් ෂාපාන් ලේකම් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යවමින් කතා කොට,
ඔහු ජුදා දේශයෙහි ඉතිරි ව සිටි, බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඉතිරි කර ගිය සෙනඟගේ අධිපතියා කොට ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කෙළේ ය.
තවද, රජ හිල්කියාට ද ෂාපාන්ගේ පුත් අහිකාම්ට ද මීකාගේ පුත් අබ්දොන්ට ද ලේකම් වන ෂාපාන්ට ද රජුගේ සේවකයා වන අසායාට ද අණ කොට,
ජෙරමියා මරන පිණිස සෙනඟගේ අතට පාවා දෙනු නොලැබුවේ, ෂාපාන්ගේ පුත් අහිකාම්ගේ සහය ඔහුට තිබුණු බැවිනි.
එවිට බාරුක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඉහළ මළුවේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුව ළඟ තිබුණ, ලේකම් වන ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ ඇතුළු ගෙයි සිට ජෙරමියාගේ වචන සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙව්වේ ය.
එවිට සෙනඟට ඇසෙන පිණිස බාරුක් පොත කියවන විට තමා ඇසූ සියලු වචන මීකායා ඔවුන්ට දැන්වී ය.