ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 32:20 - Sinhala New Revised Version 2018

මිසර දේශයේ දී, ඔබ වහන්සේ හාස්කම් ද අරුමපුදුම දේ ද කළ සේක. එදින මෙන් මේ දවස දක්වා ද ඔබ ඉශ්රායෙල්හිත්, අන් සියලු ජාතීන් අතරේත් එසේ ම කරන සේක. ඒ නිසා ඔබේ නාමය ඔවුන් අතර මහිමාන්විත ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මිසර දේශයේ දී, ඔබ වහන්සේ හාස්කම් ද අරුමපුදුම දේ ද කළ සේක. එදින මෙන් මේ දවස දක්වා ද ඔබ ඉශ්රායෙල්හිත්, අන් සියලු ජාතීන් අතරේත් එසේ ම කරන සේක. ඒ නිසා ඔබේ නාමය ඔවුන් අතර මහිමාන්විත ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබ අද දවස දක්වාම මිසර දේශයෙහිත් ඉශ්‍රායෙල්වරුන්ද වෙන මනුෂ්‍යයන්ද අතරෙහිත් ලකුණු සහ ආශ්චර්යයන් තබා, අද තිබෙන ලෙස ඔබට නාමයක් උපදවාගත්සේක.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 32:20
21 හුවමාරු යොමු  

මිහි පිට කුමන ජාතියක් ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්ට සමාන ද? දෙවි ස්වාමීන් වහන්ස, තමන් සෙනඟ වන පිණිස දෙවියන් වහන්සේ විසින් වහල්කමින් මුදාගන්න ලද තවත් ජාතියක් ඇද් ද? ඔබ වහන්සේ කීර්තිය දිනාගන්න පිණිස උදාර වූ, භයානක වූ දේ කර දුන් තවත් ජාතියක් ඇද් ද? අන්‍ය ජාතීන් ද පන්නා දමා, ඔවුන්ගේ දෙවිවරුන් ද පන්නා දමා, මිසර දේශයෙන් තමන් වහන්සේ උදෙසා මුදාගත් ජාතියට සමාන අන් ජාතියක් ඇද් ද?


ඔබේ ඉශ්රායෙල් සෙනඟට සමාන ව සිටින්නේ පොළොවේ කවර ජාතිය ද? මන්ද, දෙවියන් වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදා ගනු පිණිස ගොස්, මිසරයෙන් මුදා ගත් ඔබේ සෙනඟ ඉදිරියෙහි ජාතීන් එළවා දමා, මහත් වූ භයානක වූ දේවල් කිරීමෙන් ඔබට කීර්තිය හිමි කරගත් සේක.


පාරාවෝට ද ඔහුගේ සියලු සේවකයන්ට ද ඔහුගේ දේශයේ මුළු සෙනඟට ද විරුද්ධ ව හාස්කම් හා අරුමපුදුම දේ කර වදාළ සේක. කුමක් නිසා ද ඔවුන්ට විරුද්ධ ව ඒ අය උඩඟුකම් කරන බව ඔබ දැනගෙන සිටි සේක. ඔබ ද අද දක්වා පවතින කීර්තිමත් නාමයක් දිනාගත් සේක.


තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද දෙබෑ කළ සේක. ඔවුන් පසුපස ලුහුබැඳගෙන ආ අය ඔබ මහා ජලයෙහි ගලක් දමන ලෙස ගැඹුරට හෙළූ සේක.


එම්බා මිසරය! තී මැදට, පාරාවෝට සහ ඔහුගේ සියලු මෙහෙකරුවන්ට එරෙහි ව එතුමාණෝ අරුමපුදුම දේ හා හාස්කම් පැමිණෙවු සේක.


ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.


මම ද මාගේ බාහු බලය පා, මා එහි කරන්ට යන හාස්කම් සියල්ලෙන් මිසරයට පහර දෙන්නෙමි. ඉන්පසු ඔහු නුඹලාට යන්ට අවසර දෙනු ඇත.


මම ද පාරාවෝගේ සිත දැඩි කොට, මිසර දේශයෙහි මාගේ ලකුණු හා හාස්කම් බහුල ව සිදු කරමි.


එහෙත්, ඔබට මාගේ බලපරාක්‍රමය පෙන්වන පිණිසත්, මාගේ නාමය මුළු ලෝකය පුරා ප්‍රකාශ වන පිණිසත් ඔබට ජීවත් වන්නට ඉඩ හැරියෙමි.


සදාකාල කීර්තිය තමන්ට ලබාගන්න පිණිස ස්වකීය බලය මෙහෙයවා මෝසෙස් ලවා බලවත් දේ කළ,


ගව රැළ මිටියාවතට බසින්නාක් මෙන් සමිඳුන්ගේ ආත්මානුභාව ඔවුන් විශ්‍රාමයට ගෙන ගියේ ය. ඔබට තෙදවත් නමක් දිනාගන්න පිණිස සමිඳාණෝ ඔබේ සෙනඟ කැඳවාගෙන ගිය සේක.


හණ රෙද්ද ඉඟටිය වටා බැඳ ඇත්තෙකු මෙන් ඉශ්රායෙල්හි සියලු සෙනඟ ද ජුදාහි සියලු සෙනඟ ද මට බැඳී සිටින්න මම කරුණු සැලසීමි. මා එසේ කෙළේ, ඔවුන් මාගේ සෙනඟ වී, මාගේ නාමයට ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන පිණිස ය. එහෙත්, ඔව්හු මට කීකරු නො වූ හ.”


මිසරයෙහිදීත්, රතු මුහුදේදීත්, සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි පාළුකරයේදීත්, හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔවුන් පිටතට ගෙන ගියේත් මේ මෝසෙස් ම ය.


මිසරයේ රජ වූ පාරාවෝට සහ ඔහුගේ මුළු රටටත්, මිසරය මැද කළ හාස්කම් සහ ප්‍රබල ක්‍රියා ද,


ඔබ බලා සිටිය දී ම මිසරයේ දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක්, අභියෝග දක්වා, හාස්කම් සහ අරුමපුදුම දේ පා, යුද්ධයෙන් ද, බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් ද මහා බියජනක දේ කර, එක් ජාතියක් තවත් ජාතියක් මධ්‍යයෙන් තෝරාගන්නට වැඩිය සේක් ද?


තවද, උන් වහන්සේ අප බලා සිටිය දී ම මිසර දේශයට, එනම් පාරාවෝ රජු හා ඔහුගේ ගෙවැසියන් හට අති බියජනක හාස්කම් සහ අරුමපුදුම දේ පමුණුවා


ඔබේ ම ඇසින් ඔබ දුටු භයානක වසංගත ද, හාස්කම් හා අරුමපුදුම දේ ද හොඳින් සිහි කරන්න. දෙවි සමිඳාණන් වහන්සේ ඔබ මුදාලීමට යෙදු බාහු බලය ද, දිගු කළ හස්තය ද සිහි කරන්න. ඔබ බිය වන්නේ යම් සෙනඟකට ද ඔවුන් සියල්ලන්ට ම උන් වහන්සේ පෙර සේ ම කරන සේක.