Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 32:20 - Sinhala Revised Old Version

20 ඔබ අද දවස දක්වාම මිසර දේශයෙහිත් ඉශ්‍රායෙල්වරුන්ද වෙන මනුෂ්‍යයන්ද අතරෙහිත් ලකුණු සහ ආශ්චර්යයන් තබා, අද තිබෙන ලෙස ඔබට නාමයක් උපදවාගත්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මිසර දේශයේ දී, ඔබ වහන්සේ හාස්කම් ද අරුමපුදුම දේ ද කළ සේක. එදින මෙන් මේ දවස දක්වා ද ඔබ ඉශ්රායෙල්හිත්, අන් සියලු ජාතීන් අතරේත් එසේ ම කරන සේක. ඒ නිසා ඔබේ නාමය ඔවුන් අතර මහිමාන්විත ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මිසර දේශයේ දී, ඔබ වහන්සේ හාස්කම් ද අරුමපුදුම දේ ද කළ සේක. එදින මෙන් මේ දවස දක්වා ද ඔබ ඉශ්රායෙල්හිත්, අන් සියලු ජාතීන් අතරේත් එසේ ම කරන සේක. ඒ නිසා ඔබේ නාමය ඔවුන් අතර මහිමාන්විත ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:20
21 හුවමාරු යොමු  

ඵාරාවෝද ඔහුගේ සියලු සේවකයන්ද ඔහුගේ දේශයේ මුළු සෙනඟද කෙරෙහි ලකුණු හා ආශ්චර්ය කර වදාළසේක; මක්නිසාද ඔවුන්ට විරුද්ධව ඒ අය උඩඟුකම් කරන බව ඔබ දැනගන සිටිසේක; ඔබද අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවා ගත්සේක.


මිසරයෙහිදීත් රතු මුහුදේදීත් සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි කාන්තාරයේදීත් පුදුමද හාස්කම්ද කොට මේ මනුෂ්‍යයා ඔවුන් පිටතට ගෙනගියේය.


ඉතින් ඔබගේ සෙනඟ බලවත් හස්තයකින් මිසර දේශයෙන් පිටතට ගෙනැවිත්, අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවාගත්තාවූ අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපි පව්කෙළෙමුව, දුෂ්ටකම්කෙළෙමුව.


එම්බා මිසරය, නුඹ මැදට, ඵාරාවෝ සහ ඔහුගේ සියලු මෙහෙකරුවන් කෙරෙහි, උන්වහන්සේගේ ලකුණු හා හාස්කම් පැමිණවූසේක.


පොළොවේ මොන ජාතියක් ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට සමානද? මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදාගන්න පිණිස ඊමටත් තමන්ට නාමයක් උපදවාගැනීමටත් ඔබ මිසරයෙන්ද ජාතීන්ගෙන්ද ඔවුන්ගේ දෙවිවරුන්ගෙන්ද ඔබට මුදාගත්තාවූ ඔබගේ සෙනඟ ඉදිරියේදී ඔබගේ දේශය උදෙසා ඔබ මහත්වූ භයානකවූ දේ කළසේක.


මිසරයට මා කළ දේ සහ ඔවුන් අතරේ දැක්වූ මාගේ ලකුණු කුමක්දැයි නුඹේ පුත්‍රයාටත් නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාටත් ඇසෙන පරිද්දෙන් නුඹ විසින් කියාදෙන පිණිසත් මම ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිසත්යයි කීසේක.


සැබවින් මා විසින් නුඹ ආරක්ෂාකළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.


මෝසෙස්ගේ දකුණත ළඟ ස්වකීය තේජවත් බාහුව යන්ට සැලැස්සුවාවූ, තමන්ට සදාකාල නාමයක් ලබාගැනීමට ඔවුන් ඉදිරියෙන් ජලය බෙදා,


ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට සමානව ඉන්නේ පොළොවේ කොයි ජාතියද? මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදාගන්න පිණිස ගොස් මිසරයෙන් මුදාගත් ඔබගේ සෙනඟ ඉදිරියෙන් ජාතීන් එළවාදමා, මහත්වූ භයානකවූ දේවල් කිරීමෙන් ඔබට නාමයක් උපදවාගත්සේක.


නුඹේ ඇස්වලින් දුටු මහත් පරීක්ෂණද ලකුණුද ආශ්චර්යයන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පිටතට ගෙනාවාවූ ඒ බලසම්පන්න හස්තය හා දිගුකළ බාහුවද මනාකොට සිහිකරගන්න. නුඹ භයවෙන්නාවූ සියලුම ජනයන්ට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේම කරනවා ඇත.


මිසරයද ඵාරාවෝද ඔහුගේ ගෙදර වාසී සියල්ලන්ද කෙරෙහි ස්වාමීන්වහන්සේ අපේ ඇස් හමුයෙහි මහත්වූ භයානකවූ ලකුණුද ආශ්චර්යද කොට,


නොහොත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයේදී නුඹලාගේ ඇස් ඉදිරියෙහි නුඹලා උදෙසා කළ සියල්ල ලෙස වෙන යම් දෙවිකෙනෙක් ඇවිත් පරීක්ෂණවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද යුද්ධයෙන්ද බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකම්වලින්ද එක ජාතියක් වෙන ජාතියක් මධ්‍යයෙන් තමන්ට ගන්ට හැදුයේද?


මම ඵාරාවෝගේ සිත දැඩිකොට මාගේ ලකුණුද හාස්කම්ද මිසර දේශයෙහි වැඩිකරන්නෙමි.


මමද මාගේ අත දිගුකොට මිසරය මධ්‍යයෙහි කරන්නාවූ මාගේ සියලු හාස්කම්වලින් ඊට පහර දෙන්නෙමි. එයින් පසු ඔහු නුඹලා යන්ට හරින්නේය.


ගවරැළ මිටියාවතට බසින්නාක්මෙන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් නිශ්චල භාවයට පැමිණෙවුසේක. තේජවත් නාමයක් ලබාගැනීමට ඔබ එසේ ඔබගේ සෙනඟ ගෙනගියසේක.


පටිය මනුෂ්‍යයෙකුගේ ඉඟට ඇලෙන්නාක්මෙන් මට සෙනඟක්ද නාමයක්ද ප්‍රශංසාවක්ද තේජසක්ද වන පිණිස මුළු ඉශ්‍රායෙල් වංශයද මුළු යූදා වංශයද මට ඇලුම්වෙන්ට සැලැස්වීමි. නුමුත් ඔව්හු අසන්ට අකැමැතිවූවෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේ මිසරය මැදදී මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ මුළු දේශයටත් දැක්වූ ලකුණුද ක්‍රියාවන්ද,


තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද බෙදූසේක; ඔවුන් ඔස්සේ ලුහුබඳවාගෙන ආ තැනැත්තන් ඔබ මහත් ජලයෙහි ගලක් දමන්නාක් මෙන් ගැඹුරට හෙළූසේක.


මේ දානියෙල් දාරියුස්ගේ රජකමේද පර්සිය කෝරෙෂ්ගේ රජකමේද කාලයෙහි උසස්ව සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්