ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 30:5 - Sinhala New Revised Version 2018

“තැතිගන්වන හඬක් මට ඇසුණේ ය. එය සාමයේ නොව, භීතියේ හඬක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“තැතිගන්වන හඬක් මට ඇසුණේ ය. එය සාමයේ නොව, භීතියේ හඬක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වෙවුලවීමේ හඬක් අපට ඇසුණේය; එය සමාදානයේ නොව භීතියේ හඬක් ය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 30:5
22 හුවමාරු යොමු  

ඒ දවස පැමිණි විට ඔව්හු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව, මුහුද ගිගුරුම් දෙන්නාක් මෙන් ගිගුරුම් දෙන්නෝ ය. දේශය දෙස බැලූ විට දක්නට ලැබෙන්නේ අන්ධකාරය හා විපත්තිය ය. වලාකුළුවලින් එළිය අඳුරු වී ඇත.


අපි සියල්ලෝ ම වලසුන් මෙන් ගොරවමු; කොබෙයියන් මෙන් කෙඳිරි ගාමු. අප යුක්තිය සෙව්වත් එය දක්නට නැත; ගැළවීම ගැන බලා සිටියත් එය අපෙන් ඈත් ව තිබේ.


නාස්තිකාරයෝ පාළුකරයේ ගස්කොළන් නැති සියලු ම කඳුවලට පැමිණ සිටිති. සමිඳුන්ගේ කඩුවෙන් දේශය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා විනාශ කරනු ලබන්නේ ය. එහි කිසිවෙක් සාමය නොදකිති; එහි ජීවත් විය නොහැකි ය.


නායකයන්ගේ කෑ මොරගැසීම ද සෙනඟගේ ප්‍රධානීන්ගේ හැඬීම ද ඇසෙන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ දේශය විනාශ කර ඇත.


ඉශ්රායෙල්වරුන් සහ ජුදාවරුන් ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචන මෙසේ ය:


ඔවුන් කැළඹී ආපසු හැරෙනු ඇත. එබන්දක් මට දකින්නට ලැබුණේ මන් ද? ඔවුන්ගේ බලවන්තයෝ පැරදී ආපසු නොබලා, හදිසියේ පලා ගියෝ ය. සතර දිගින් ම භීතිය ඇත. සමිඳාණෝ මෙසේ වදාරන සේක.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහා බලවත් ජාතියක් ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැඟිට එනු ඇත.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි හැඳගෙන, අළුවල පෙරළි පෙරළී, මියගිය එක ම පුතෙකු උදෙසා මෙන් ඉතා දුක් බර ව වැලපෙන්න. මන්ද, විනාශ කරන්නා හදිසියෙන් නුඹට පහර දෙන්නේ ය.


දාන්හි සිට අප සතුරන්ගේ අශ්වයන්ගේ නාසයෙන් නගන ප්‍රබල හඬ අපට ඇසුණේ ය; උන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුළයි. ඔවුන් ඇවිත් සිටින්නේ දේශය සහ එහි තිබෙන සියල්ල ද නගර සහ එහි වසන වැසියන් ද විනාශ කරන පිණිස ය.”


සවන් දෙන්න, දේශය මුළුල්ලේ මාගේ සෙනඟ මොරගසමින්, “සමිඳාණන් වහන්සේ සියොන්හි නැද් ද? සියොන්හි රජතුමා එහි නැද්දැ”යි අසන හඬ දස දෙසින් මට ඇසේ. ඔවුන්ගේ රජ්ජුරුවන් වන සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹලා තමන් කැපූ පිළිමවලින් ද විදේශිකයන්ගේ නිෂ්ඵල රූපවලින් ද කුමට මා කෝප කළහු දැ”යි අසන සේක.


මන්ද, “අපි විනාශ වුණෙමු; අප දේශය අත්හැර ගිය නිසා ද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසා ද අපි නින්දාවට පත් ව සිටිමු” යන ළතෝනිය සියොන් කෙරෙන් ඇසුණේ ය.


නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය.


ඔව්හු රජුන්ට නින්දා කරති; අධිපතීන්ට කවටකම් කරති; සෑම බලකොටුවක් ම සුළු කොට සලකති; පස් ගොඩකර ඒවා අල්ලා ගනිති.


දරුණු, කලබලකාරී බබිලෝනි ජාතිකයන් මම බලයට පත් කරමි. ඔව්හු අන්‍ය රටවල් අල්ලාගන්න පිණිස ලෝකය හරහා ගමන් කරති.