එහෙත්, මායාකාරියගේ පුත්‍රයන් වන, පාරදාරිකයන්ගේත්, වේශ්‍යාවන්ගේත් වංශය වන නුඹලා, මෙහි පැමිණෙන්න.
යෙරෙමියා 3:9 - Sinhala New Revised Version 2018 වේශ්‍යාකම සුළු දෙයක් කොට සලකා ගල් හා ගස්වලට නමස්කාර කිරීමේ වේශ්‍යාකමින් ඈ දේශය පිළිකුල් කළා ය. Sinhala New Revised Version වේශ්‍යාකම සුළු දෙයක් කොට සලකා ගල් හා ගස්වලට නමස්කාර කිරීමේ වේශ්‍යාකමින් ඈ දේශය පිළිකුල් කළා ය. Sinhala Revised Old Version ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය. |
එහෙත්, මායාකාරියගේ පුත්‍රයන් වන, පාරදාරිකයන්ගේත්, වේශ්‍යාවන්ගේත් වංශය වන නුඹලා, මෙහි පැමිණෙන්න.
නමස්කාර කරන පිණිස නුඹලා මිටියාවතේ ගල් ගෙන ඒවාට පාන පූජා වගුරුවා, ආහාර පූජා කරන්නහු ය. නුඹලා මේ දේවල් කරද්දී මම සතුටු වන්නෙම් ද?
මළකඳන් වැනි අශික්ෂිත පිළිමවලින් ඔවුන් මාගේ දේශය දූෂණය කර, දේශය පිළිකුල් කටයුතු දෙවිවරුන්ගෙන් පුරවා ඇති නිසා මම ඔවුන්ගේ අයුතුකමටත්, පාපයටත් දෙගුණයක් ප්‍රතිවිපාක ගෙන දෙන්නෙමි.”
ගසකට, ‘නුඹ මාගේ පියා ය’ කියා ද ගලකට ‘නුඹ මාගේ මව ය’ කියා ද කියන නුඹලා සියලු දෙනා ලජ්ජාවට පත් වනු ඇත. මෙසේ වන්නේ, නුඹලා මා වෙත නොහැරී මට පිටු පෑ බැවිනි. එහෙත්, නුඹලා විපතට පත් වූ විට ‘නැඟිට අප ගැළෙවුව මැනවැ’යි මට කන්නලව් කරන්නහු ය.
පල අනුභව කිරීම පිණිස ද යහපත් දේ භුක්ති විඳීම පිණිස ද මා නුඹලා සාරවත් දේශයකට පැමිණෙවූ නමුත්, නුඹලා ඒ දේශයට ඇතුළු වී, එය කෙලෙසා මාගේ උරුමය පිළිකුලක් කළහු ය.
පාළු කඳු දෙසට ඇස් ඔසවා බලා, නුඹ වේශ්‍යාකම් නොකළ තැනක් ඇද්දැ යි බලන්න. කාන්තාරයේ බලා සිටින අරාබියෙකු සේ පෙම්වතුන් එන තෙක් නුඹ පාර අයිනේ බලා සිටියෙහි ය. නුඹේ දූෂිත වේශ්‍යාකම් නිසා නුඹ දේශය අපවිත්‍ර කෙළෙහි ය.
මා නුඹට දුන් මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන, නුඹ පුරුෂයන්ගේ රූප සාදාගෙන ඒවා සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය.
මොවුහු ඇය නග්නකර, ඇගේ දූ පුතුන් රැගෙන ගොස් ඈ කඩුවෙන් මැරූ හ. ඇය ලත් නිසි විනිශ්චය ගැන සෑම තැන ම ස්ත්‍රීහු ඕපාදූප කී හ.
මෙසේ ඔහොලීබා, නුඹ තරුණ වියේ මිසර දේශයේ මිනිසුන් නුඹේ පියයුරු අතගාමින්, පිරි මදිමින් සිටි කාලයේ දී නුඹ කළ අනාචාරය යළිත් කරන්න ආශා කෙළෙහි ය.”
ඔවුන්ගේ යොවුන් වියේ දී ම ඔව්හු මිසරයේ දී වේශ්‍යාකම් කළහ. ඔවුන්ගේ පියයුරු එහි දී මිරිකනු ලැබී ය; එහි දී ඔවුන්ගේ කුමරි වියෙහි තනපුඩු පිරිමදිනු ලැබී ය.
“දරුවෙනි, නුඹලාගේ මවුට කන්නලව් කරන්න; කන්නලව් කරන්න. ඈ මාගේ බිරිඳ නොවන්නී ද? මම ඇගේ පුරුෂයා නොවෙම් ද? ඇගේ ගණිකා බැල්ම ද තුරුල්ලට ගත් පෙම්වතුන් ද පහකරන්නැ යි ඈට කියන්න.
මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති.
සමිඳුනි, මම ඔබට අයැදුම් කරමි. මන්ද, කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත; උයන්වල සියලු ගස් ගිනිබත් වී ඇත.
ඒ රූපයට ‘පිබිදෙන්න’ කියාත්, ගලින් නෙළූ ගොළු පිළිමවලට ‘නැඟිටින්න’ කියාත් කියන නුඹලාට වන විපතක මහත! පිළිමවලට කිසිවක් එළිදරව් කළ හැකි ද? අහෝ! රන් රිදීයෙන් එය වසා තිබුණත් එය තුළ ප්‍රාණයක් ඇත්තේ ම නැත.
එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.”