තීර් පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: අහෝ! තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, තීර් නම් තොටුපළ විනාශකර ඇත. එහි ගෙවල් හා වරාය සුන්බුන් වී ඇත. සයිප්‍රසයෙන් නුඹලාගේ නැව් ආපසු පැමිණෙන විට නුඹලාට ආරංචි වනු ඇත.
යෙරෙමියා 25:22 - Sinhala New Revised Version 2018 තීර්හි හා සීදොන්හි සියලු රජුන්ටත්, මුහුදුබඩ පළාත්වල රජවරුන්ටත්, Sinhala New Revised Version තීර්හි හා සීදොන්හි සියලු රජුන්ටත්, මුහුදුබඩ පළාත්වල රජවරුන්ටත්, Sinhala Revised Old Version තීර්හි සියලු රජුන්ටත් ශිදොන්හි සියලු රජුන්ටත් මුහුදෙන් එතර පළාත්වල රජුන්ටත්, |
තීර් පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: අහෝ! තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, තීර් නම් තොටුපළ විනාශකර ඇත. එහි ගෙවල් හා වරාය සුන්බුන් වී ඇත. සයිප්‍රසයෙන් නුඹලාගේ නැව් ආපසු පැමිණෙන විට නුඹලාට ආරංචි වනු ඇත.
රජ කෙනෙකුගේ ආයු කාලය වන අවුරුදු හැත්තෑවක් තුළ තීර් අමතක කරනු ලැබේ. ඒ කාලය අවසන් වූ විට තීර් මෙසේ ගයන වෙසඟනක මෙන් වන්නී ය:
එම්බා සීදොන් නගරය, නුඹ ලජ්ජා වන්න. මන්ද, සත් සමුදුරු පත්ලත් නුඹ ප්‍රතික්ෂේප කර, “මම ප්‍රසව වේදනා නොවින්දෙමි; දරුවන් උත්පාද නොකෙළෙමි; තරුණ තරුණියන් ඇතිදැඩි නොකෙළෙමි”යි කියන්නේ ය.
තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා බැහැදැකීම පිණිස ජෙරුසලමට පැමිණි තානාපතිවරුන් අත ඒදොම්, මෝවබ්, අම්මොන්, තීර්, සීදොන් යන රටවල රජවරුන් වෙත පණිවුඩයක් යවන්නට සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක.
එම්බා ජාතීනි, සමිඳුන්ගේ වචනයට සවන් දී දුර බැහැර දිවයින්වල එය ප්‍රකාශ කරන්න. ‘ඉශ්රායෙල් සෙනඟ විසිරවූ මම ඔවුන් රැස් කරන්නෙමි; එඬේරා තම රැළ රැකගන්න පරිදි මම ඔවුන් රැකගන්නෙමි’යි කියන්න.
“ඒ ඉතිරි වූ සියලු ආධාරකරුවන් තීර් සහ සීදොන් කෙරෙන් වනසාලීම පිණිස, සියලු පිලිස්තිවරුන් නාස්ති කිරීමට පැමිණෙන දවස නිසා ය. මන්ද, ස්වාමීන් වන මා ක්‍රීත් මුහුදුබඩ දේශයෙහි ඉතිරි ව සිටින පිලිස්තිවරුන් නාස්ති කරන නිසා ය.
නුඹේ සම්පත් ද නුඹේ බඩු ද නුඹේ වෙළෙඳාම් ද නුඹේ යාන්ත්‍රිකයන් ද නුඹේ නාවිකයන් ද නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නන් ද නුඹේ වෙළෙඳාමේ යෙදී සිටින්නන් ද නුඹ තුළ සිටින නුඹේ සියලු යුද්ධකාරයන් ද නුඹ සමඟ සිටින නුඹේ මුළු සමූහයා සමඟ නුඹ නුඹේ වැටීමේ දවසේ දී මුහුද මැද ගිලෙන්නෙහි ය.
“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සීදොන් දෙසට හරවා, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින් මෙසේ කියන්න:
“මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තීර්ට විරුද්ධ ව දරුණු සටනක් ඇරඹුවේ ය. ඔහුගේ හේවායන් පිට මහා බර උසුලාගෙන යන්න ඔහු සැලැසූ නිසා ඔවුන්ගේ හිස් මුඩු විය. උරහිස්වල හම ගියේ ය. එහෙත්, ඔහු තීර්ට විරුද්ධ ව කළ සටනින් ඔහුට වත්, ඔහුගේ සේනාවට වත් තීර්ගෙන් කිසි වාසියක් ලැබුණේ නැත.
“එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති.
මම මාගොග් පිටත්, මුහුදුබඩ සුරැකි ව වාසය කරන්නන් පිටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.