ඔව්හු මුලිනුපුටා දැමූ කටු පඳුරු මෙන් වෙත් වා! කෝපයෙන් උදලුගා දැමූ වල් පැළෑටි මෙන් වෙත් වා!
යෙරෙමියා 23:19 - Sinhala New Revised Version 2018 “බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස දරුණු සුළි සුළඟක් මෙන් හමමින්, දුෂ්ටයන්ගේ හිස මත කඩා වැටෙයි. Sinhala New Revised Version “බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස දරුණු සුළි සුළඟක් මෙන් හමමින්, දුෂ්ටයන්ගේ හිස මත කඩා වැටෙයි. Sinhala Revised Old Version බලව, ස්වාමීන්වහන්සේගේ කුණාටුව, එනම් උන්වහන්සේගේ කෝපය, එසේය, කරකැවෙන කුණාටුවක් නික්ම ගියේය. එය දුෂ්ටයන්ගේ හිස් පිට කඩා වැටෙන්නේය. |
ඔව්හු මුලිනුපුටා දැමූ කටු පඳුරු මෙන් වෙත් වා! කෝපයෙන් උදලුගා දැමූ වල් පැළෑටි මෙන් වෙත් වා!
භීතිය, කුණාටුවක් මෙන් ඔබට පැමිණි විට ද විනාශය, සුළි සුළඟක් මෙන් එන විට ද සිත් වේදනා හා දුක ඇති වන විට ද මම සමච්චල් කරමි.
බබිලෝනිය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: කාන්තාරය හරහා හමන සුළි සුළඟක් සේ භයානක දේශයකින් විනාශය පැමිණෙන්නේ ය.
ඔව්හු වනාහි සිටුවා වැඩි කල් නොගිය, පොළොවේ මුල් ඇද නොගත් ළා පැළෑටි හා සමාන ය. සමිඳාණන් සුළඟක් එවූ විට පිදුරු මෙන් ඒවා වියළී යනු ඇත; ඉපනැලි මෙන් ගසාගෙන යනු ඇත.
මහා ශබ්දයක් පොළොවේ සීමාන්තයන් දක්වා පැමිණෙන්නේ ය; උන් වහන්සේ ජාතීන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර ඇත. ජීවත් ව සිටින සියල්ලන් උන් වහන්සේ විනිශ්චයයට පමුණුවන සේක. දුෂ්ටයන් මරණයට පාවා දෙන සේක. මෙසේ පවසන්නේ, ස්වාමීන් වන මම ය.’
“ ‘ජාතියක් ජාතියක් පාසා විපතට පැමිණෙන්නේ ය’යි ද ‘ඉමහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නඟින්නේ ය’යි ද සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
සමිඳාණන් වහන්සේගේ කෝපය ගසාගෙන එන කුණාටුවක් මෙන් ළඟා වෙයි; එය දුෂ්ටයන්ගේ හිස පිට සුළි සුළඟක් මෙන් කඩා වැටෙයි.
සමිඳාණන් වහන්සේ තමන්ගේ සිතේ අදහස් ඉෂ්ට කරන තෙක් ද සම්පූර්ණ කරන තෙක් ද උන් වහන්සේගේ බලවත් උදහස පහ ව යන්නේ නැත. මතු දවස්වල දී සෙනඟ එය තේරුම්ගනු ඇත.
සමිඳාණන් වහන්සේගෙන් මාගේ සෙනඟ දෙසට කඳු මුදුන්වලින් හමන සුළඟ පොළනු ලබන්නට වත්, ශුද්ධ කරනු ලබන්නට වත් හමන සුළඟක් නොව, ඊට වඩා දවාලන සුළඟක් බව ජෙරුසලමට සහ එහි වැසියන්ට කියන කාලය පැමිණෙන්නේ ය. එය පෙළීමට වත් ශුද්ධ කිරීමට වත් නොවන්නේ ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බලන්න! මම බබිලෝනියට ද එහි වැසියන් වන කල්දිවරුන්ට ද විරුද්ධ ව යාමට විනාශකාරයෙකු පොළඹවන්නෙමි.
මා බැලූ විට චණ්ඩ මාරුතයක් උතුරෙන් එනු මම දිටිමි. ඒ සමඟ දීප්තියෙන් වට වූ මහා වලාපටලයක් ද දිළිහෙන ලෝකඩ මෙන් ගින්න මැදින් බැබළීමක් ද ගිනි දලු විහිදෙන ගින්නක් ද වූයේ ය.
“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එය විනාශ කරන පිණිස, මම උරණ වී චණ්ඩ කුණාටුවක් ද කෝප වී ධාරානිපාත වැස්සක් ද උදහස් වී ගල් වර්ෂා ද එවන්නෙමි.
රබ්බාහි පවුරුවලට මම ගිනි දල්වමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. යුද්ධ දවසේ දී ගෝරනාඩු ඇති වේ; චණ්ඩ මාරුතයක් සේ යුද්ධය වේගයෙන් පැතිර යනු ඇත.
‘සුළි සුළඟකින් මෙන් මම ඔවුන් විදේශීය රටවල විසුරුවාදැමීමි. ඒ දේශයට යන එන කෙනෙකු නැති නිසා එය පාළු විය. නුඹලා යහපත් දේශය පාළුකරයක් කළහු ය’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
“එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙන සේක. උන් වහන්සේගේ ඊතලය විදුලිය මෙන් විහිදෙන්නේ ය. දෙවි ස්වාමීන් වහන්සේ සිය හොරණෑව පිඹ දකුණු දිශාවේ සුළිසුළං සමඟ ඉදිරියට වඩින සේක.