Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 7:14 - Sinhala New Revised Version 2018

14 ‘සුළි සුළඟකින් මෙන් මම ඔවුන් විදේශීය රටවල විසුරුවාදැමීමි. ඒ දේශයට යන එන කෙනෙකු නැති නිසා එය පාළු විය. නුඹලා යහපත් දේශය පාළුකරයක් කළහු ය’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ‘සුළි සුළඟකින් මෙන් මම ඔවුන් විදේශීය රටවල විසුරුවාදැමීමි. ඒ දේශයට යන එන කෙනෙකු නැති නිසා එය පාළු විය. නුඹලා යහපත් දේශය පාළුකරයක් කළහු ය’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ඔවුන් නොදන්නාවූ සියලු ජාතීන් අතරට සුළිහුළඟකින් ඔවුන් විසුරුවාදමන්නෙමි. මෙසේ ඔවුන් ගියායින් පසු දේශය මැදින් යන එන කෙනෙක් නැතුව ඒක පාළුවෙන හැටියට ඔව්හු ප්‍රියවූ දේශය පාළුවක් කළෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 7:14
35 හුවමාරු යොමු  

“පොළොවේ එක් කොණක සිට අනික් කොණ දක්වා ජාති ජාතීන් අතරෙහි උන් වහන්සේ ඔබ විසුරුවා හරින සේක. එවිට ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත්, ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට ඔබ වැඳුම්පිදුම් කරන්නහු ය.


ඔබේ ශ්‍රමය සහ වතුපිටිවල පලදාව ඔබ නොහඳුනන ජාතියක් භුක්ති විඳින්නේ ය. ඔබ නිතර ම පීඩා කරනු ලැබ, තැළී පොඩි වී යන්නහු ය.


“බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස දරුණු සුළි සුළඟක් මෙන් හමමින්, දුෂ්ටයන්ගේ හිස මත කඩා වැටෙයි.


සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය.


“එන්න, එන්න, උතුරු දේශයේ සිට පලා එන්න. මම නුඹලා සතර දිග් භාගයෙහි සුළං මෙන් විසුරුවා හරිමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


“මම ජාතීන් වනසාලීමි; ඔවුන්ගේ පවුරු නටබුන් වී ඇත; වීථිවල කිසිවකුට ගමන් නොකළ හැකි සේ ඒවා පාළු කෙළෙමි. ඔවුන්ගේ නගරවල කිසිවෙකු වත් නොවසන ලෙස ජන ශූන්‍ය වී ඇත.


“එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙන සේක. උන් වහන්සේගේ ඊතලය විදුලිය මෙන් විහිදෙන්නේ ය. දෙවි ස්වාමීන් වහන්සේ සිය හොරණෑව පිඹ දකුණු දිශාවේ සුළිසුළං සමඟ ඉදිරියට වඩින සේක.


ඔබ සෙබළුන්ගේ ප්‍රධානියාට ඔහුගේ ම හෙල්ලවලින් ඇන්න සේක. ඔව්හු මා විසුරුවා දමන්නට සුළි සුළඟක් මෙන් ආවෝ ය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්ති කිරීම ය.


සමිඳාණන් වහන්සේ වහා නොකිපෙන සුලු ය; ඉතා බලවන්ත ය; වරදකාරයන් කිසි කලක නිදොස් නොකරන සේක. සමිඳාණන් වහන්සේ ගමන් කරන මාර්ගයෙහි සුළි සුළං කුණාටු ඇති වන්නේ ය. වලාකුළු වනාහි උන් වහන්සේගේ පාදවලින් ඇවිස්සුණු ධූලි ය.


රබ්බාහි පවුරුවලට මම ගිනි දල්වමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. යුද්ධ දවසේ දී ගෝරනාඩු ඇති වේ; චණ්ඩ මාරුතයක් සේ යුද්ධය වේගයෙන් පැතිර යනු ඇත.


එනෙබුකද්නෙශර්ගේ විසිතුන් වන අවුරුද්දේ දී රැකවල් සේනාධිපතියා වූ නෙබුසරදාන් ජුදෙව්වරුන් හත්සිය හතළිස්පස්දෙනෙකු අල්ලාගෙන ගියේ ය. ඒ සියල්ලෝ ම හාරදහස් හයසියයක් වූ හ.


ඒ නිසා මාගේ උදහස ද කෝපය ද ජුදාහි නගර පිටත්, ජෙරුසලමේ වීදිවලත් වගුරුවා මම ඒවා ගිනි ලෑවෙමි. ඒවා නැතිනාස්ති වී තිබෙන අයුරු අද වුව ද දක්නට ලැබේ.


එවිට අධිපතීහු කතා කරමින්, “ඔබ දෙදෙනා කොතැන සිටිත් ද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස ඔබත්, ජෙරමියාත් ගොස් සැඟවී සිටින්නැ”යි බාරුක්ට කීවෝ ය.


සමිඳාණන් වහන්සේගේ කෝපය ගසාගෙන එන කුණාටුවක් මෙන් ළඟා වෙයි; එය දුෂ්ටයන්ගේ හිස පිට සුළි සුළඟක් මෙන් කඩා වැටෙයි.


ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව දුර සිට ජාතියක් ගෙනෙන සේක. ඔව්හු බලවත් පැරණි ජාතියක් ය. ඔව්හු ඔබ නොදන්න භාෂාවක් කතා කරති. ඔවුන් කියන දේ ඔබට තේරෙන්නේ නැත.


බබිලෝනිය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: කාන්තාරය හරහා හමන සුළි සුළඟක් සේ භයානක දේශයකින් විනාශය පැමිණෙන්නේ ය.


වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක. එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.


ඔව්හු මුලිනුපුටා දැමූ කටු පඳුරු මෙන් වෙත් වා! කෝපයෙන් උදලුගා දැමූ වල් පැළෑටි මෙන් වෙත් වා!


මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, “නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.


ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.


නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත.


මම නුඹලා අතරට චණ්ඩ මෘගයන් එවන්නෙමි. ඒ මෘගයෝ නුඹලාගේ දරුවන් මරා, ගවයන් වනසා, නුඹලාගේ ජන සංබ්‍යාව අඩු කරන්නෝ ය. එවිට මාවත් ද පාළු වනු ඇත.


සමිඳාණෝ ගිනිදලු සහිත ව වඩින සේක. එතුමන්ගේ රථ වාහන සුළිසුළඟ මෙන් වන්නේ ය. සතුරන් වෙත එතුමන්ගේ ඉමහත් කෝපය විදහා පාන සේක. ගිනිදැල් මෙන් චෝදනා නඟන සේක.


එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි.


එඬේරු බොහෝ දෙනෙක් මාගේ මිදි වත්ත නාස්ති කළෝ ය; මාගේ කෙත් පාගාදැමුවෝ ය; මාගේ ප්‍රියංකර දේශය පාළුකරයක් කළෝ ය.


අහෝ ජෙරුසලම! නුඹ තුළ පියවරු පුත්‍රයන් ද පුත්‍රයෝ තමන්ගේ පියවරුන් ද කන්නාහ; මම නුඹට දඬුවම් කොට ජෙරුසලමෙහි ඉතිරි වන සියල්ලන් දස දෙස විසුරුවා දමන්නෙමි.


දේශයේ සෙනඟට මෙසේ කියන්න: ‘ඉශ්රායෙල් රටෙහි සිටින ජෙරුසලමේ වැසියන් ගැන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔව්හු තමන්ගේ කෑම භීතියෙන් කා, තමන්ගේ වතුර කනස්සල්ලෙන් බොන්නෝ ය. මෙසේ වන්නේ, ඔවුන්ගේ දේශයේ වාසය කරන සියල්ලන්ගේ සැහැසිකම නිසා ඒ දේශය සහමුලින් ම පාළු වන පිණිස ය.


මම නුඹ විජාතීන් අතරට පන්නාදමා, නුඹ විදේශවලට විසුරුවා හැර නුඹේ අපවිත්‍රකම නුඹෙන් පහකර දමන්නෙමි.


උන්ට පෙරටුව වනසාලන ගින්න නාස්ති කරයි; උන්ට පස්සෙන් බුර බුරා නඟින ගිනි ජාලාවක් ඇවිලෙයි. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබේ. උන්ට පස්සෙන් එය පාළුකරයක් වන්නේ ය. උන්ගෙන් බේරෙන කිසිවෙක් නැත.


සියලු බලැති සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මා වෙත පැමිණියේ ය.


ඔවුන් මාගේ දෙවියන් වහන්සේට කීකරු නොවූ නිසා උන් වහන්සේ ඔවුන් පහකරදමන සේක. ඔව්හු විජාතීන් අතරේ මුළා වූ අය වන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්