ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 2:26 - Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සොරෙකු අසු වූ විට ලජ්ජාවට පැමිණෙන්නාක් මෙන්, ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාගේ රජවරු ද අධිපතියෝ ද පූජකවරු ද දිවැසිවරු ද ඇතුළු සියලු දෙනා ලජ්ජාවට පැමිණෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සොරෙකු අසු වූ විට ලජ්ජාවට පැමිණෙන්නාක් මෙන්, ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාගේ රජවරු ද අධිපතියෝ ද පූජකවරු ද දිවැසිවරු ද ඇතුළු සියලු දෙනා ලජ්ජාවට පැමිණෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

හොරෙක් අසුවූ විට ලජ්ජාවට පැමිණෙන්නාක්මෙන් ඉශ්‍රායෙල් වංශයද ඔවුන්ගේ රජවරුද ඔවුන්ගේ අධිපතියෝද ඔවුන්ගේ පූජකයෝද ඔවුන්ගේ ප්‍රොපේතවරුද ලජ්ජාවට පැමිණෙති.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 2:26
18 හුවමාරු යොමු  

අපේ පියවරුන්ගේ කාලයේ පටන් අද දක්වා අප අතිශයින් වරදකාරයන් ව සිට, අපේ අපරාධ නිසා, අපි ද අපේ රජවරු ද අපේ පූජකයෝ ද අද දවසේ තිබෙන හැටියට විදේශවල රජවරුන් අතටත්, කඩුවටත්, වහල් කමටත්, කොල්ලකෑමටත්, විළිලජ්ජාවටත් පාවා දෙනු ලැබීමු. අද අපේ දුඃඛිත තත්ත්වය එය යි.


රූප වඳින්නෝ ද පිළිම ගැන පාරට්ටු කරන්නෝ ද ලජ්ජා වෙත් වා! සියලු දෙවි දේවතාවෝ දෙවිඳුන්ට හිස නමත් වා!


නුඹලා කලින් රුක් වන්දනාවේ යෙදුණු බැවින් ද ශුද්ධ වූ උද්‍යාන පිහිටෙවූ බැවින් ද ඒවා ගැන ලජ්ජා වන්නහු ය.


එයට නමස්කාර කරන සියල්ලෝ නින්දාවට පැමිණෙන්නෝ ය. පිළිම සාදන කම්කරුවෝ සාමාන්‍ය මනුෂ්‍යයෝ ය. ඊට වැඩි දෙයක් ඔවුන්ට නැත. ඔව්හු නඩු විනිශ්චයය සඳහා ඉදිරිපත් වෙත් වා. ඔව්හු බිය වී, නින්දා ලබති.


පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය.


නුඹලා මාර්ග වෙනස් කරගනිමින් වගකීමෙන් තොර ව තැනින් තැන යන එන රඟ! අසිරියාව මඟින් නුඹලා ලජ්ජාවට පත් වූවාක් මෙන් මිසරය මඟින් ද නුඹලා ලජ්ජාවට පත් වන්නහු ය.


ඔබේ මූලිකයෝ සුළඟට ගසාගෙන යන්නෝ ය. ඔබේ පෙම්වත්හු හිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නෝ ය. එවිට ඔබේ සියලු නපුරුකම් ගැන ඔබ ලජ්ජාවටත්, නින්දාවටත් පැමිණෙන්නෙහි ය.


එසේ වන්නේ, මා කෝප කරවන හැටියට ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද ඔවුන්ගේ රජවරුන් ද ඔවුන්ගේ අධිපතීන් ද ඔවුන්ගේ පූජකයන් ද ඔවුන්ගේ දිවැසිවරුන් ද ජුදාහි මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද කළ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසා ය.


සමිඳාණන් වහන්සේ කතා කොට, “ඒ දවසේ දී රජුගේ සිත ද අධිපතීන්ගේ සිත් ද අධෛර්ය වන්නේ ය; පූජකයෝ බියපත් වන්නෝ ය. දිවැසිවරු ත්‍රස්ත වන්නෝ ය”යි වදාළ සේක.


මෝවබ්, නුඹට ඉශ්රායෙල් සරදමක් වුණා නොවේ ද? ඉශ්රායෙල් සොරුන් අතරේ සම්බ වී ද? නුඹ ඉශ්රායෙල් ගැන කතා කරන සෑම විට ම අවඥාවෙන් හිස වැනුවෙහි ය.


නුඹ ගැන ම නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහි ය. නුඹේ නින්දාවට සම කළ විට නුඹේ සහෝදරියන් කොතරම් සමෘද්ධිමත් දැ යි පෙනී යනු ඇත.


ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩ කොට මාගේ ශුද්ධ දේ කෙලෙසූ හ. ඔවුන් කැප දේ ද අකැප දේ ද අතරේ වෙනසක් කෙළේ වත්, අපවිත්‍ර දේ ද පවිත්‍ර දේ ද අතරේ තිබෙන වෙනස දැන්නුවේ වත් නැත; මාගේ සබත් දවස් ඔව්හු නොසලකා හැරියෝ ය. මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමිණියේ ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන පරිදි උන් වහන්සේ මේ සාපය එවන සේක. එවිට එය හැම සොරෙකුගේ ද බොරුවට දිවුරන හැම කෙනෙකුගේ ද නිවෙසට ඇතුළු වන්නේ ය. එය ඒ නිවෙස්වල රැඳී එහි සිටින සියල්ලන් ද එහි ලී දඬු ද ගඩොල් ද විනාශ කර දමන්නේ ය.”


එයින් කුමන ප්‍රතිඵලයක් ඇති වී ද? ඇති වූයේ ඔබ දැන් ලජ්ජාවට පමුණුවන, මරණයෙන් කෙළවර වන ප්‍රතිඵලය යි.